
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිංගප්පූරුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සම්බන්ධ අසත්‍ය ප්‍රකාශ කිරීම සම්බන්ධ චෝදනා දෙකක් යටතේ සිංගප්පූරු විපක්ෂ නායක ප්‍රීතම් සිංට චෝදනා එල්ල වී තිබේ.
එරට පොලිසියේ සහ නීතිපති අංශවල ප්‍රකාශයකට අනුව, වරප්‍රසාද කමිටුවේ විභාගයකදී ‘ප්‍රශ්නවලට හිතාමතාම අසත්‍ය පිළිතුරු සැපයීම’ සම්බන්ධයෙන් සිංගප්පූරු අදිකරණයේ දී සිංට චෝදනා එල්ල කර තිබේ.
විපක්ෂයේ කම්කරු පක්ෂයේ ප්‍රධානියා වන සිං එම වරද පිළිගෙන නොමැත.
2022 දී, ආණ්ඩු පක්ෂයේ නිලධාරීන්ගෙන් සමන්විත පාර්ලිමේන්තු කමිටුවක් විසින් සොයාගෙන ඇත්තේ ලිංගික අතවර සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී බොරු කී බව කියන හිටපු නීති සම්පාදක රයිසා ඛාන්ගේ විමර්ශනය පිළිබඳ සාක්ෂිය අතරතුර සිං අසත්‍ය ප්‍රකාශ කළ බවයි.
ඒ අනුව සිං අපරාධ චෝදනා සඳහා අභිචෝදකයා වෙත යොමුකිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලදී.
අපරාධ නඩුවකදී අවම දඩය සිංගප්පූරු ඩොලර් 2,000 සිට සිංගප්පූරු ඩොලර් 10,000ක් දක්වා අය කිරීමටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නුසුදුස්සකු කිරීමේ සීමාව වසර පහකට ඉහළ නැංවීමටත් එම වසරේදීම ඒකමතිකව අනුමත කර ගැනිණි.
සිං වරදකරු වුවහොත් දඩයක් නියම කරන ලෙස අභිචෝදකයන් අධිකරණයෙන් ඉල්ලා සිටීමට සැලසුම් කර තිබේ.
නීතිය අනුව මෙම වැරදි සඳහා සිංගප්පූරු ඩොලර් 7,000 දක්වා දඩයක් සහ වසර තුනක සිර දඬුවමක් නියම කළ හැකිය.
2025 නොවැම්බර් මාසය වන විට පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට පෙර මේ වසරේ ඉතා සූක්ෂම ලෙස සැලසුම් කර ඇති දේශපාලන අනුප්‍රාප්තියකට සූදානම් වෙමින් සිටියදී සිංට මෙම චෝදනා එල්ල වී ඇත.
“නීතිමය ක්‍රියාවලිය සම්පූර්ණයෙන් අවසන් වන තුරු, මම මගේ සියලුම පාර්ලිමේන්තු කටයුතු කරගෙන යනවා,” යනුවෙන් සිං ෆේස්බුක් සටහනකින් ප්‍රකාශ කර තිබිණි.
සිංගේ සිද්ධිය පසුගිය වසර පුරා සිංගප්පූරුවට එල්ල වූ මතභේද සංඛ්‍යාවට තවත් එකක් එකතු කිරීමක් ලෙස සැළකේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart