
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වැඩිකළ වැටුප් යම් ප්‍රතිශතයකින් අඩුකිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ පරිපාලනය සිය සේවකයන් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත්, පසුගියදා පැවැති ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා කියාසිටියේ අදාළ තීරණයට ශ්‍රී ලංකා මහ බැංකුවේ වෘත්තීය සමිති විරෝධය පළකර ඇති බවයි.
ශ්‍රී ලංකා මහ බැංකුව සිය සේවකයන්ගේ වැටුප් 70% කින් වැඩිකර ඇති බව මෑත කාලීන ජනමාධ්‍ය වාර්තා අනාවරණය කළේය.
එම පියවර ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ දැඩි විවේචනයට ලක්විය.
ඉන්පසුව, මෙම පියවර ප්‍රශ්න කිරීම සඳහා මහ බැංකු නිලධාරීන් ඇමැති මණ්ඩලය, පක්ෂ නායක රැස්වීමකට සහ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව (COPF) හමුවට කැඳවන ලදී.
දැඩි විවේචනයට ලක් වූ මෑත වැටුප් වර්ධක සම්බන්ධයෙන් සුදුසු පාර්ලිමේන්තු කාරක සභාවක් හරහා මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස මහ බැංකුව පසුගිය පෙබරවාරි 25 වැනි දින මුදල් ඇමැතිවරයා වශයෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් ලිඛිතව මෙම ඉල්ලීම කර තිබිණි.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පැහැදිලි කර තිබුණේ 2024-2026 කාලසීමාව ආවරණය වන පරිදි වෘත්තීය සමිති සමඟ ඇති කර ගත් ත්‍රෛවාර්ෂික සාමූහික ගිවිසුම යටතේ තම සේවකයන්ගේ නවතම වැටුප් සංශෝධනයට පාලක මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බවයි.
මාර්තු 5 වැනි දින පැවති පක්ෂ නායක රැස්වීමට සහ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභා රැස්වීමට පෙර කැඳවූ විට ආචාර්ය වීරසිංහ වැටුප් වැඩිකිරීමේ පියවර ආරක්ෂා කරමින් කියාසිටියේ රට ආර්ථික අර්බුදයෙන් යථා තත්ත්වයට පත්වන විට වැටුප් වැඩි කළ යුතු බවයි.
මෙම පියවරේ සදාචාර විරෝධී පැත්ත සහ සංවේදීභාවය පිළිබඳ මන්ත්‍රීවරුන්ගෙන් විවේචන එල්ල වූ විට ඔහු සඳහන් කළේ වැටුප් වැඩි කිරීම සඳහා වියදම් ලබා ගන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුදලින් මිස ඒකාබද්ධ අරමුදලෙන් නොවන බවයි.
කෙසේවෙතත්, එවැනි වැටුප් වැඩිවීම් සඳහා රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් වගකියන පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය බව පෙන්වා දුන් මන්ත්‍රීවරුන්, ඒ සඳහා අතිරේක රුපියල් මිලියන 232ක් මාසිකව වැය කිරීමට සිදුවන බව පෙන්වා දී තිබේ.
මෙම පියවර සංශෝධනය කරන ලෙස මහ බැංකුවේ නිලධාරීන්ගෙන් ඔවුන් ඉල්ලා තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart