
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හම්බන්තොට දිස්ත්‍රික් මහරෝහලේ සිටි එකම රුධිර පාරවිලයන විශේෂඥ වෛද්‍යවරයාද මීට මස තුනකට පෙර විදේශගත වීම හේතුවෙන් රෝහලේ රුධිර පාරවිලයන කටයුතු සිදු කිරීමට බධා ඇතිවී තිබෙන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේම රුධිර පාරවිලයන කටයුතු වෙනුවෙන් සිටි එකම විශේෂඥ වෛද්‍යවරයා මේ ආකාරයෙන් විදේශගතවීම හේතුවෙන් ආරක්ෂිත රුධිර පාරවිලයනය සහතික කිරීම, රුධිර නිෂ්පාදන නිකුත් කිරීම, රුධිර පරීක්ෂාව සහ ගැළපුම ගැළපීම, ආදී විවිධ කටයුතු අඩාළවීම හම්බන්තොට දිස්ත්‍රික් මහරෝහලට පමණක් නොව දිස්ත්‍රික්කයේම රුධිර පාරවිලයන කටයුතු සිදුකිරීමේදී ගැටලු ඇති වී තිබෙන බව පැවැසේ.
හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ වැඩබලන නිර්වින්දන විශේෂඥ වෛද්‍ය නිලධාරිනියද නිල දැනුම්දීමක් නොකර රටින් පිටව ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පසුගියදා අනාවරණය කළේය.
එම වෛද්‍යවරිය කිසිදු විදෙස් නිවාඩුවක් අනුමත කර ගැනීමක් හෝ නිවාඩු අනුමත කර ගැනීමට අයැදුම්පතක් යොමුකර නැති බව වෛද්‍යවරිය රටින් පිටව යෑම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෙත හම්බන්තොට රෝහල් අධ්‍යක්ෂකවරයා යවන ලද ලිපියෙහි සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart