March 15, 2024

අධිවේගී මාර්ගවල අභ්‍යන්තර ආරක්ෂක කටයුතු හා මුදාගැනීමේ මෙහෙයුම් රක්නා ලංකා සමාගමට පවරා තිබේ.

මෙතෙක් එම කටයුතු සිදු කළ පොලිස් විශේෂ කාර්ය බලකාය එම කටයුතුවලින් ඉවත්වීමත් සමග මෙම පැවරීම සිදුකර ඇත.

පෙරේදා සිට රක්නා ලංකා ආරක්ෂක සමාගමේ නිලධාරීන් මාර්ගයේ ආරක්ෂාව සඳහා යොදවා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

ඒ සඳහා මසකට රුපියල් මිලියන 12ක් පමණ වැයකිරීමට සිදුව ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරයි.

කෙසේවෙතත් මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම හා කුරුණෑගල අතර කොටසේ ආරක්ෂක හා මුදාගැනීමේ මෙහෙයුම් පළාත් පාලන ආයතන වෙත පවරා ඇති බව අධිකාරිය පවසයි.