
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නව ලෝකයට ශක්තිමත්ව මුහුණදීම සඳහා සවිබල ගැන්වූ තරුණ පරපුරක් නිර්මාණය කිරීම අපේක්ෂා කරන ‘ජයගමු ශ්‍රී ලංකා’ කුරුණෑගල දිස්ත්‍රික් රැකියා වෙළඳපොළ සහ රැකියා උපදේශන වැඩසටහන අති සාර්ථකව කුරුණෑගල වැහැර ක්‍රීඩාංගණයේදී මාර්තු 09 සහ 10 දෙදිනදී පැවැත්විණි.
ඒ අනුව, ඇතුගල්පුරයෙන් සාර්ථකව අවසන් කෙරුණු ‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩසටහන මාර්තු 16 සහ 17 දිනවල අභිමානවත් පුලතිසි පුරවරයේ පැවැත්වීමට නියමිතය.
වැඩසටහන එම දෙදින තුළ පොළොන්නරුව මහජන ක්‍රීඩාංගණයේදී සාර්ථක ලෙස පැවැත්මට අපේක්ෂා කෙරේ.
‘ජයගමු ශ්‍රී ලංකා’ මාර්තු 09 – 10 දෙදින පැවති වැඩසටහනේදී පාසල් උපකරණ බෙදාදීම, ශ්‍රම වාසනා අරමුදල්, දෙස් විදෙස් රැකියා අවස්ථා පිළිබඳව දිරිගැන්වීමේ දේශන මාලාව, විදේශගත ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීම, එම පවුල්වලට විවිධ ප්රතිලාභ ලබාදීම, තරුණ තරුණියන්ගේ අනාගතය වෙනුවෙන් වෘත්තීය පුහුණු අවස්ථා ලබාදෙන ස්මාට් යූත්, අවිධිමත් අංශයේ ශ්‍රමිකයන්ට ගරුත්වයක් ලබාදෙන ගරු සරු, ශ්‍රම වාසනා අරමුදල විසින් ක්‍රියාත්මක කරනු ලබන පාසල් උපකරණ ලබාදීම ඇතුළු වැඩසටහන් රැසක් සිදුකෙරිණි.
රැකියා වෙළඳපොළ උපදෙස් ලබා දීම සහ ව්‍යවසායකයන් දිරිමත් කෙරෙන අවස්ථා ලබාදීමද මෙහිදී සිදු කෙරුණු අතර, එයින් අනාගතයට වැදගත් අදහස් ගණනක් එකතු කරගත් වෘත්තිකයෝ බොහෝවූහ.
විදෙස් රැකියා අවස්ථා කුරුණෑගල ජනතාව වෙත රැගෙන යමින් ක්‍රියාත්මක කෙරුණ ‘ජයගමු ශ්‍රී ලංකා’ ජනතා ජංගම සේවයට විදේශ රැකියා නියෝජිත ආයතන පනහකට අධික සංඛ්‍යාවක් එක්ව සිටි අතර විදෙස් රැකියා සදහා ලියාපදිංචි කිරීම්ද එහිදී සිදුකෙරිණි.
‘මගෙන් පටන්ගමු – ජයගමු ශ්‍රී ලංකා’ – ‘ස්මාට් වැඩ්ඩන්’ ජනතා ජංගම සේවය සඳහා දිස්ත්‍රික්කයේ රැකියා සහ විදේශ රැකියා අපේක්ෂිත බොහෝදෙනකුගේ ඉහළ ප්‍රතිචාර ලැබිණි.
වැඩසටහනේ සමාරම්භක අවස්ථාවේදී “මෙතන ඉන්න වෘත්තීය පුහුණුව නැති, වෘත්තීය කරන අයට සහතිකපත්‍ර ලබා දීමත් අපි ආරම්භ කරනවා. ඔබට සීඩා ආයතනයේ ලියාපදිංචි වෙන්න පුළුවන්. ඔවුන් ඔබේ දැනුම පරීක්ෂා කර සහතිකපත් ලබා දෙනවා. ඒ සඳහා අවශ්‍ය මුදල් ජාත්‍යන්තර කම්කරු සංවිධානයත් සමග සාකච්ඡා කරලා විදේශ සේවා නියුක්ති කාර්යාංශයත් සමග එක් වෙලා ඔබට ගෙවන්න සූදානම්. සහතිකය තියෙනවා නම් ලංකාවේ වැඩ කරන්න පුළුවන්. පිටරට යනව නම් සහතිකය සමග එයත් පුළුවන්. රැකියාව සඳහා බලපත්‍රයක් ලබා දීම අපි සිද්ධ කරනවා. ඔබ ඒ සඳහා වියදම් කරන්න ඕන නෑ. ඒ සඳහා වන වියදම රජය, ජාත්‍යන්තර සංවිධාන, විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි දරන්න සූදානම්. මේ ඉදිකිරීම් ක්ෂේත්රය ගැන කිව්වේ. අනෙක් ක්ෂේත්රවල අයටත් තමන්ගේ සහතික ගන්න ඕන මුදල් ගෙවීම අපි සම්පාදනය කරනවා. මේ මුලපිරීමක් විතරයි. ” යනුවෙන් කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ අවිධිමත් අංශයේ රැකියාවල නියුතු සියලුදෙනාගේ ශ්රමයට ගරුත්වයක් ලබාදෙමින් විදෙස්ගත ශ්‍රමිකයන්ගේ දරුවන් 246කට ශිෂ්‍යත්ව ප්රදානය කිරීම, පාසල් සිසුන් 364කට පාසල් උපකරණ සහ විගමණික ශ්‍රමික පවුල් 100කට රුපියල් දසදහසකට වටිනාකමකින් යුත් සතොස වවුචර් ලබාදීම සිදුකෙරිණි.
විදේශ රැකියා කරමින් සිට මෙරටට පැමිණ ස්වයං රැකියාවල නියුතු විගමණික ශ්‍රමිකයින් 12 දෙනකු, මෙරටට පැමිණ සාර්ථකව ව්‍යාපාර සිදුකරන විගමණික ශ්‍රමිකයන් 09 දෙනකු සඳහා සඳහා රුපියල් පනස් දහස බැගින් වූ ආධාර දීමද, ආබාධිත විගමණික ශ්‍රමිකයෙකු සඳහා රෝද පුටුවක් සහ ඇස් කණ්නාඩි 32ක් ලබාදීමද එහිදී සිදු කෙරිණි.
විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන් අධ්‍යාපනය ලබන කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාසල් තුළ සුහුරු පන්ති කාමර ස්ථාපිත කිරීමට අවශ්‍ය ස්මාට් බෝඩ් 30ක් පිරිනැමීමටද කටයුතු කෙරිණි.
ශ්‍රී ලංකාව තුළ අවිධිමත් අංශයේ වෘත්තීන්වල නියුතු පිරිස හට වෘත්තීය ගරුත්වයත්, ආරක්ෂාවත් ලබාදීමට ආරම්භ කළ ‘ගරුසරු’ වැඩසටහන යටතේ NVQ සහතික ලබා දීමද සිදුකෙරිණි.
මෙම ජංගම සේවා වැඩසටහනට සමගාමීව කුරුණෑගල දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්වන විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් සුභසාධන වැඩසටහන් රැසක්ද සංවිධානය කරනු ලැබ තිබිණි.
‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩසටහනේ දෙවැනි දිනයේදී මෙරට තරුණ ප්‍රජාව ස්මාට් වැඩ්ඩන් කිරීම අපේක්ෂා කරගත් ‘ස්මාට් යූත් ක්ලබ්’ පිහිටුවීම සිදුකෙරුනු අතර, එහිදී ජනාධිපති ලේකම් කාර්යාලයේ අනුග්‍රහය ඇතිව දීප ව්‍යාප්තව තරුණ තරුණියන් දසදහසකට වෘත්තීය පුහුණු අවස්ථා ලබාදීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කෙරිණි.
මාර්තු 16 – 17 දෙදින තුළ පැවැත්වෙන පුලතිසිපුරවර ‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව අවිධිමත් අංශයේ ශ්‍රමිකයන්ගේ සමාජ ආරක්ෂණය හා ගරුත්වය සහතික කරන ‘ගරුසරු’ වැඩසටහන පොළොන්නරුවේදීද ක්‍රියාත්මකවීම සිදුකෙරේ.
කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම වැඩසටහනේදීද, විදෙස්ගත ශ්‍රමිකයන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව, පාසල් සිසුන්ට පාසල් උපකරණ, විගමණික ශ්‍රමික පවුල් වෙත රුපියල් දසදහසක වටිනාකමකින් යුත් සතොස වවුචර් ලබාදීම යනාදී සුභසාධන කටයුතු සිදුකිරීමට කටයුතු යොදා තිබේ.
මීට ඉහත ක්‍රියාත්මක කළ පරිදි ස්වයං රැකියාවල නියුතු විගමණික ශ්‍රමිකයන්, මෙරටට පැමිණ සාර්ථකව ව්‍යාපාර සිදුකරන විගමණික ශ්‍රමිකයන්ට ආධාර සහ ආබාධිත විගමණික ශ්‍රමිකයින්ට රෝද පුටු ඇස් කණ්නාඩි මෙන්ම මූල්‍ය ආධාර ලබා දීමද පොළොන්නරුවේදී සිදුකෙරේ.
විදේශ රැකියා අවස්ථා, විදේශගත ශ්‍රමිකයන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව, පාසල් උපකරණ මෙන්ම ඔවුන්ගේ සුභසාධනය සහතික කරන වැඩසටහන් පෙර පරිදිම ක්‍රියාත්මක කිරීමට නියමිතය.
‘ජයගමු ශ්‍රී ලංකා’ අනුරාධපුරයෙන් ආරම්භ කිරීමෙන් අනතුරුව වැල්ලවාය, කෑගල්ල, මහනුවර සහ කුරුණෑගල නගරවල මේ වන විට පැවැත්වුණු වැඩසටහන් සියල්ල මේ දක්වා අති සාර්ථකව පැවැත්විණි.
ඒ අනුව එළඹෙන පුලතිසිපුරවර වැඩසටහනද අති සාර්ථක එකක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart