
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මන්නාරමේ යෝජිත අදානි සුළං බලාගාරයට එරෙහිව ශ්‍රී ලාංකීය පරිසර සංවිධාන සිය ව්‍යාපාරය දැඩි කරමින් සිටී.
මන්නාරමේ ස්ථාපිත කිරීමට නියමිත අදානි සුළං බලාගාරයේ විනාශකාරී පාරිසරික, සමාජීය සහ ආර්ථික බලපෑම් ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ නොසළකා හැර ඇති බවට ඔවුන් චෝදනා කර තිබේ.
අදානි ව්‍යාපෘතියට විරුද්ධ වන ජ්‍යෙෂ්ඨ පරිසරවේදීන් සහ විද්‍යාඥයන් අතර ප්‍රමුඛ වන්නේ ආචාර්ය රොහාන් පෙතියාගොඩ සහ ජ්‍යෙෂ්ඨ පරිසර නීතීඥ ජගත් ගුණවර්ධන ය.
ද අයිලන්ඩ් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ආචාර්ය පෙතියාගොඩ මෙසේ පවසා ඇත.
“අපි දකිනවා විදේශීය සමාගමක් ශ්‍රී ලංකාවට පැමිණ, ස්වෛරී ජාතික සම්පතක් වන අපගේ සුළං ශක්තිය උපයෝගී කර ගෙන විදුලිය නිපදව එය මුදලට නැවත අපට විකුණන බවක්. ඒ ස්ථාවර වසර 25 ක කොන්ත්රාත්තුවක් මත. මෙය ආර්ථික වැදගත්කමක් වෙන්නේ කොහොමද? රජය දේශීය සමාගම්වලින් ලංසු කැඳවූවා නම් ලංකාවේ කොටස් හිමියන්ට ආයෝජනය කිරීමට අවස්ථාවක් තිබුණා. මේ සම්පත බන්දේසියක තබා විදේශ සමාගමකට ලබාදීමේ තර්කය මොකක්ද?
අධ්‍යයනවලින් පෙන්නුම් කර තිබෙන්නේ, මන්නාරම දූපත ආසියාවේ සහ සමහර විට ලෝකයේ වඩාත්ම වැදගත් පක්ෂි ප්‍රදේශ අතර වන බව. සෑම ශීත සෘතුවකම, විශේෂ 120කට වඩා නියෝජනය කරන මිලියන ගණනක් කුරුල්ලන් උතුරු අර්ධගෝලයේ සෑම තැනකම සිට මෙහි පැමිණෙනවා. සමහරු ආක්ටික් කවය තරම් ඈත සිට හිමාලයට ඉහළින් පියාසර කරනවා. ඒ නිසා මෙය සංචාරක ව්‍යාපාරය සඳහා විශාල වැදගත්කමක් ඇති ඉතා වැදගත් සංරක්ෂණ අඩවියක්.”
මේ අතර, සංවේදී පාරිසරික හා උපාය මාර්ගික ප්‍රදේශයක සුළං බලාගාරයක් පිහිටුවීමට එරෙහිව පරිසරවේදීන් හුදෙකලා සටනක යෙදීසිටින බව නීතිඥ ජගත් ගුණවර්ධන පවසයි.
බහුජාතික සමාගමක් සමඟ රටක් ගිවිසුමකට එළැඹුණු පසු එය ඉවත් කිරීම දුෂ්කර වන බව හෙතෙම පෙන්වාදෙයි.
“මේ නිසා අපි රජයට බලපෑම් කර මෙම ව්‍යාපෘතිය වැළැක්විය යුතුයි,” ඔහු පවසයි.
මන්නාරම සුළං බලය වැඩි ප්‍රදේශයක් නොවන බවද ඔහු පෙන්වාදෙයි.
සුනිත්‍ය බලශක්ති අධිකාරිය මීට වසර කිහිපයකට පෙර කරන ලද අධ්‍යයනයකින් මන්නාරම ප්‍රදේශයේ සුළං බල ශක්තිය මධ්‍යම ප්‍රමාණයේ බව පෙනීගොස් ඇති බව ඔහු සඳහන් කරයි.
“එසේ නම් එහි සමාගමකට එහි සුළං බලාගාරයක් ඉදිකිරීමට අවශ්‍ය වන්නේ ඇයි?” ඔහු වැඩිදුරටත් ප්‍රශ්න කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart