
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කැනඩාවේ ඔටාවා ප්‍රාන්තයේ බැර්හැවන් ප්‍රදේශයේ නිවසක් තුළදී දරුවන් සිව්දෙනකු ඇතුළු පුද්ගලයන් 06 දෙනකු ම්ලේච්ඡ ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින 19 හැවිරිදි ශ්‍රී ලාංකිකයකු වන ෆෙබ්‍රියෝ ද සොයිසා සම්බන්ධ නඩුව දීර්ඝ ලෙස විභාග කෙරෙනු ඇති බවට අපරාධ නීති විශේෂඥයෙක් පූර්ව මත පළකර තිබේ.
ඒ අනුව, ඔටාවා විශ්ව විද්‍යාලයේ අපරාධ නීතිය පිළිබඳ මහාචාර්ය ඩැෆ්නි ගිල්බර්ට් පවසන්නේ, අධිකරණ පද්ධතියේ සංකීර්ණතා සළකා බලන විට අදාළ සැකකරුට නීතිමය ක්‍රියාදාමයන් වසර දෙක තුනක් දක්වා දීර්ඝ ලෙස පැවතිය හැකි බවයි.
නඩු විභාගයට පෙනීසිටීම සඳහා විත්තිකරුගේ මානසික යෝග්‍යතාවය තීරණය කිරීම අරමුණු කරගත් පුළුල් මනෝචිකිත්සක ඇගයීම් සිදුකිරීමට ඇති සම්භාවිතාව පිලිබඳව ද මහාචාර්ය ගිල්බට් පැහැදිලි කර තිබේ.
චෝදනාවල බරපතලකම සැළකිල්ලට ගත් කළ නීතිමය ක්‍රියාදාමයන් තේරුම් ගැනීමට සහ ඔහුගේ ආරක්ෂාවට සහාය වීමට සොයිසාට ඇති අයිතිය තක්සේරු කිරීම ඉතා වැදගත් බව ද මහාචාර්යවරයා පෙන්වා දෙනු ලබයි.
19 හැවිරිදි ශ්‍රී ලාංකිකයා සැකකාර තරුණයා මේ වනවිට ඔටාවා හි Innes Road බන්ධනාගාරයේ රඳවා සිටියි.
මිනීමැරුම් චෝදනා හයක් සහ මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාවක් ඔහුට එරෙහිව එල්ල වී තිබේ.
සැකකාර තරුණයා සම්බන්ධයෙන් මේවනවිට තොරතුරු අනාවරණ වෙමින් පවතී.
19 හැවිරිදි සැකකාර තරුණයා කානඩාවේ ඇල්ගොන්කින් විද්‍යාලයේ ශිෂ්‍යයෙකු වේ.
එහෙත් සැකකරු 2023 වසරේ ශීත අධ්‍යයන වාරයේ සිට අධ්‍යයන කටයුතු සඳහා සහභාගී වී නොමැති බව එම විද්‍යාලයේ ප්‍රකාශකයකු අනාවරණ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart