March 14, 2024

නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක, කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් රචිත ‘ජන අරගලයේ දෝංකාරය’ ග්‍රන්ථය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගැන්වීම අද (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.

මීට පෙරාතුව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් ‘නොනවතින අරගලයක සැබෑ කතාව, හෙළ වෙදකමේ යටගියාව, නයිටින්ගේල් චරිතය, ජීනිවා අර්බුදයේ දෝංකාරය, රන් හිය හා අඳුරෙන් එළියට’ යන කෘති ද එළිදක්වා තිබේ.

පූජ්‍ය ගැටමාන්නේ ගුණානන්ද හිමියෝ, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන අය කෘතිය පිළිගැන්වීමේ අවස්ථාවට එක්ව සිටියහ.