
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව පැවසූ මොහොමඩ් ශිරාන් බාසික් නමැත්තා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (14) නියෝග කර තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ලබාදුන් සාක්ෂිවල ඇති බලවත් පරස්පරතා හේතුවෙන් ඔහුව නිදොස් කොට නිදහස් කරන බවට මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න නියෝග කර තිබේ.
සැකකරු 2011 වසරේ ජනවාරි මස 11 වනදා කිරුළපන එඩ්මන්ටන් නිවාස සංකීර්ණය අසළදී හෙරොයින් ග්‍රෑම් 4.53ක ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගත් බව පැමිණිල්ලෙන් කියැවිණි.
ප්‍රථමයෙන් සඳහන් කර තිබුණේ ඔහු තනිව අත්අඩංගුවට ගත් බවට වුවද පසුව අදාළ පොලිස් නිලධාරීන් පවසා ඇත්තේ ඔහුගේ දරුවා සමග සිටියදී සැකකරු අත්අඩංගුවට ගත් බවය.
එසේම තමාට ලද දුරකථන ඇමතුමකට අනුව අදාළ වැටළීම කළ බවට පොලිස් නිලධාරියකු විසින් අධිකරණය හමුවේ පවසා තිබුණද, එම දුරකථන අංකය වසර එකහමාරකට පමණ පෙර විසන්ධි කර ඇති බවට සාක්ෂි සහිතව විත්තියේ නීතිඥවරයා අධිකරණය හමුවේ පෙන්වා දී තිබුණි.
එම සාක්ෂි අනුව විත්තිකරු වරදකරු කිරීම නුසුදුසු බවට විනිසුරුවරයා එහිදී නිගමනයකට එළඹ තිබිණි.
විත්තිකරු ඩුබායි රාජ්‍යයට පළාගොස් තිබීම හේතුවෙන් ඔහු නොමැතිව සාක්ෂි විභාගය පැවැත්විණි.
මේ අතර අදාළ විත්තිකරුට අයත් යැයි පැවසෙන දෙහිවල ප්‍රදේශයේ මුහුදු වෙරළ ආසන්නයේ ඉදිකර තිබූ හෝටලයක් ද කඩා ඉවත්කිරීමට පියවර ගෙන තිබිණි.(අද දෙරණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart