
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගියදා සිය පරිශ්‍රයේදී තරුණ පුද්ගලයන් දෙදෙනෙකුගේ මරණයට හේතු වූ උත්සවය පිළිබඳව කොළඹ නෙළුම් කුළුණ කළමනාකාරීත්වය පැහැදිලි කිරීමක් නිකුත් කර තිබේ.
2024 මාර්තු 07 වැනි දින කොළඹ නෙළුම් කුළුණේ පැවති DJ සාදයකදී රෝගාතුර වී මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි කාන්තාවක සහ දෙහිවල ප්‍රදේශයේ 22 හැවිරිදි තරුණයකු මියගොස් ඇති බව වාර්තා විය.
ඔවුන් දෙදෙනා මත්කුඩු සහිත බීම වර්ග පානය කිරීමෙන් පසු රෝගාතුර වී ඇති බවට මූලික වාර්තා අනුමාන කර තිබිණි.
මෙම මරණ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් නිකුත් කරමින් කොළඹ නෙළුම් කුළුණ කළමනාකාරීත්වය පවසන්නේ, කුලියට ගෙන තිබූ තම පරිශ්‍රයේ එළිමහන් ස්ථානයක මෙම උත්සවය පවත්වා ඇති බවයි.
මෙම උත්සවය පෞද්ගලිකව සංවිධානය කර කුලියට ගත් ඉඩක පවත්වන ලද එකක් බවත්, එය කොළඹ නෙළුම් කුළුණ සහ ඊට අනුබද්ධ ආයතනවල ක්‍රියාකාරිත්වයෙන් වෙන් වූවක් බවත් නෙළුම් කුළුණ බලධාරීන් වැඩිදුරටත් පවසයි.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart