
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මේ දිනවල පවතින අධික උණුසුම හේතුවෙන් දරුවන් එළිමහන් ක්‍රියාවල යෙදවීමේ දී විශේෂ අවධානයක් යොමුකරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය සිහිකැඳවීමේ නිවේදනයක් නිකුත් කර තිබියදීත් ඇතැම් පාසල් එය නොසළකා කටයුතු කරන බව වාර්තා වේ.
එවැනි තවත් සිදුවීමක් ඊයේ වාර්තා වූයේ කොළඹ සුගතදාස ක්රීඩාංගණයෙනි.
කොටහේන ප්‍රදේශයේ කතෝලික පාසලක නිවාසාන්තර ක්‍රීඩා උත්සවයට පෙර පැවැත්වීමට නියමිත තරග ඉසව් කිහිපයක් ඊයේ දිනයේ අධික උණුසුම මධ්‍යයේ පැවැත්වීම හේතුවෙන් සිසුවියන් රැසක් පීඩාවට පත්වූ බව වාර්තා වේ.
තතු දත් ආරංචි මාර්ග පැවසුවේ අධික උෂ්ණත්වය දරාගත නොහැකිව ඇතැම් සිසුවියන් ඇද වැටුණු බවයි.
එක්තරා වයස් කාණ්ඩයක් යටතේ පැවැත්වූ ඇවිදීමේ තරගයේදී සහභාගි වූ සිසුවියන් අට දෙනාගෙන් හතරදෙනෙකුම ඇද වැටුණු බව වාර්තා වේ.
එම ස්ථානයේ ක්‍රීඩා ගුරුවරු සහ අනෙකුත් ගුරුවරුන් සිටිය ද අධික උෂ්ණත්වයක් තිබියදී සපත්තු නොමැතිව තරග සඳහා සිසුවියන් සහභාගී කරවා ගෙන ඇති බව ද වාර්තා විය.
මේ හේතුවෙන් බොහෝ සිසුවියන්ගේ පාදවල දිය පට්ට හටගෙන තිබුණු බවත් ඔවුන්වේදනාවෙන් කෑගහමින් අඬමින් සිටි බවත් දක්නට ලැබුණු බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා විය.
ඇල් ජලය, අයිස් කැට සහ කෝමාරිකා වැනි දෑ යොදා ගනිමින් එම සිසුවියන්ගේ අපහසුතා යම් දුරකට යටපත් කිරීමට සිසුවියන් සහ ගුරුවරුන් මහත් වෙහෙසක් දාරා තිබේ.
සිද්ධිය දුටුවන් ප්‍රශ්න කරන්නේ මෙවැනි පසුබිමක අධ්‍යාපන අමාත්‍යංශය සිහිකැඳවීම් ලිපි එවීමේ ප්‍රයෝජනයක් ඇතිද යන්නයි.
මෙම ක්‍රියාකාරකම් සිදුවන්නේ ක්‍රීඩා තරගයක් අතරතුර අම්පාර ප්‍රදේශයේ පාසල් සිසුවකු ඇද වැටී මියයෑමේ පුවතක්ද වාර්තා වී ඇති පසුබිමකය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart