
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යෝජිත රාජ්‍ය නොවන සංවිධාන (ලියාපදිංචි කිරීමේ සහ අධීක්ෂණ) පනත් කෙටුම්පත ඉවත දමන් ලෙසත්, ඔන්ලයින් ආරක්ෂණ පනත භාවිත කිරීම මත තහනමක් පනවන ලෙසත්, මානව හිමිකම් ප්‍රමිතීන්ට ගරු කරන බව සහතික කිරීම සඳහා ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සංශෝධනය කරන ලෙසත් අන්තර්ජාතික මූල්‍ය අරමුදල, ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිය යුතු බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි.
අන්තර්ජාතික මූල්‍ය අරමුදල වෙත ලිපියක් යොමුකරමින් හියුමන් රයිට්ස් වොච් පවසන්නේ, සිවිල් සමාජය දැඩි ලෙස පීඩාවට පත්කරන සහ රට තුළ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙල අනතුරේ හෙළන නීති කෙටුම්පත් ඉවත් කරන ලෙස ද එම අරමුදල ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිය යුතු බවයි.
යෝජිත රාජ්‍ය නොවන සංවිධාන (ලියාපදිංච් කිරීම සහ අධීක්ෂණ) පනත, යහපාලනය ප්‍රවර්ධනය කිරීම සහ දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා මහජනතාව ගෙනයන තීරණාත්මක කාර්යභාරය නොතකා, ඔවුන්ගේ මූලික නිදහස කප්පාදු කරන මෑතකාලීන සැලසුම්ගත පියවර කිහිපයකින් එකක් බවද එම ලිපියෙන් පෙන්වා දී ඇත.
යෝජිත රාජ්‍ය නොවන සංවිධාන නීතිය අත්හරින ලෙසත්, ඔන්ලයින් ආරක්ෂණ පනත භාවිත කිරීම තහනම් කරන ලෙසත්, ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සංශෝධනය කරන ලෙසත් ප්‍රසිද්ධියේ ඉල්ලා සිටීමෙන් අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සිය වැඩසටහනේ විශ්වසනීයත්වය සහ කාර්යක්ෂමතාව ආරක්ෂා කළ යුතු බව ද හියුමන් රයිට්ස් වොච් පෙන්වාදෙයි.
එහිදී ඔවුන්ගේ උත්සාහය සාර්ථක වීමට නම්, මූලික සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් කප්පාදු කිරීමට රජය දරන උත්සාහයට එරෙහිව ස්ථිරව සිටිය යුතු බව ද හියුමන් රයිට්ස් වොච්, අන්තර්ජාතික මූල්‍ය අරමුදල වෙත යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart