
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නාරාහේන්පිට, කිරිමණ්ඩල මාවතේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් කොටසක් සෞඛ්‍ය හා ඒ ආශ්රිත ක්‍රියාකාරකම් සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා අවුරුදු 50ක කාලසීමාවකට බදු පදනම මත බැහැර කිරීම පිණිස තරගකාරී පදනම මත ආයෝජන යෝජනා කැඳවා ඇත.
ඒ සඳහා ලැබී ඇති යෝජනා ඇගැයීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය මත පදනම්ව හෙක්ටයාර 0.1929ක ඉඩම් කොටසක්, නයින්වෙල්ස් හොස්පිට්ල් ප්‍රයිවට් ලිමිටඩ් සහ ඇක්සස් ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් ආයතන ඒකාබද්ධව සංස්ථාපනය කරන ලද M/s N W Realty (Pvt.) Ltd. වෙත අවුරුදු 50ක කාලසීමාවකට බදු පදනම මත බැහැර කිරීමට තීරණය කර තිබේ.
මේ සඳහා නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart