
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය අත්හිටුවීමට රජය ගත් තීරණය නොතකා, පැහැර හරින ලද ණය ආපසු අයකර ගැනීම සඳහා මෙරට බැංකු අධිකරණය හරහා ප්‍රතිකර්ම සොයනු ඇති බව වාර්තා වේ.
“පරාටේ ක්‍රියාත්මක කිරීම අත්හිටුවීම මගින් පැහැර හැර තිබෙන උකස් කළ වත්කමක් සුරැකෙන්නේ නැහැ, මන්ද, බැංකු විසින් අධිකරණ හරහා උකස් සම්බන්ධ ක්‍රියාවන් දිගටම කරගෙන යන නිසා. ණය අයකර ගැනීමේ ක්‍රියාවලියේදී බැංකුවලට තිබෙන ‘පරාටේ’ ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිපාදන එක් විකල්පයක් පමණයි.” යනුවෙන් ශ්‍රී ලංකා බැංකු සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
පවතින නීති පාර්ලිමේන්තුව විසින් සංශෝධනය කරන තුරු, බැංකු විසින් උසාවියට යෑමට පෙර, සුදුසු අවස්ථාවන්හිදී, අවසාන විසඳුම ලෙස පරාටේ ප්රතිකර්මය භාවිත කරනු ඇත.
මෙම ක්‍රියාවලියේ දී එක් එක් සිද්ධිය බැංකුවල අධ්යක්ෂ මණ්ඩල වෙත යොමු කිරීම සහ මාධ්‍ය තුළ දැන්වීම් පළ කිරීම අවශ්‍ය වේ.
එය කිසිදු බැංකු නිලධාරියකුගේ අභිමතය පරිදි ක්‍රියාත්මක කළ හැකි ක්‍රියාවලියක් නොවන බවද අදාළ නිවේදනයේ සඳහන් වේ.
එම ප්‍රකාශයේ දැක්වෙන්නේ පරාටේ නීති මගින් ණය අයකර ගැනීම අත්හිටුවීමට රජය විසින් ඒකපාර්ශ්විකව ගත් තීරණය පුළුල් ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය නොකරන තනි පුද්ගල ණය පැහැරහරින්නන් කිහිප දෙනෙකුගේ දැඩි බලපෑම්වලට දණ ගසන ප්‍රතිචාරයක් බවයි.
එසේම එය ආර්ථිකයේ හදවත සහ ජීවනාලිය ලෙස ක්‍රියා කරන බැංකු අංශයට දිගුකාලීන ඍණාත්මක බලපෑමක් ඇති කරනු ඇති බවත් එම නිවේදනයේ දැක්වේ.
ණය අයකර ගැනීමේ නීති මැඩපැවැත්වීම සඳහා රාජ්‍ය මැදිහත්වීම සම්බන්ධයෙන් බැංකු තැතිගැන්මට ලක්ව ඇති බවත්, බැංකු සමඟ සාකච්ඡා කර නොමැති බවත් මෙම නිවේදනයෙන් පෙන්වා දී තිබේ.
රජයේ තීරණය හේතුවෙන් සියලුම ණය ගැතියන් සඳහා ණය ගැනීමේ පිරිවැය ඉහළ යනු ඇති බවට ද ඔවුන් අනතුරු අඟවා තිබේ.
ශ්‍රී ලංකා බැංකු සංගමය සිය ප්‍රකාශයේ සඳහන් කර ඇති ප්‍රධාන කරුණු කිහිපයක් මෙසේය.
“දැනට පවතින ණය අයකර ගැනීමේ නීති සංශෝධනය කිරීමට ණය නොගෙවන්නන් අතලොස්සක් බලපෑම් කරති.
බැංකු සුපරීක්ෂාකාරී වන බැවින් හොඳ ණය ගැතියන් සඳහා අරමුදල් ලබා දීම සමබන්ධයෙන් බලපානු ඇත.
බැංකු අවදානම් වාරික එකතු කරන බැවින් සියලුම ණය ගැතියන් සඳහා ණය ගැනීමේ පිරිවැය වැඩි වේ.
මෙය ජාතික ආර්ථික පුනර්ජීවනය සඳහා බැංකු අංශයේ ප්රයත්නයන් කෙරෙහි ඍණාත්මක බලපෑමක් ඇති කරනු ඇත.
මහජනතාවට ණය දෙන විට බැංකුවේ තැන්පත්කරුවන්ගේ අරමුදල් යෙදවීම සහ පැහැර හරින අයගෙන් අයවිය යුතු මුදල් අය කර ගැනීමට නොහැකි වීම හෝ අයකර ගැනීමේ දීර්ඝ ප්‍රමාදයන් නිසා මහජන තැන්පතු අවදානමට ලක් විය හැකිය.”
දැනට පවතින නීති යටතේ බැංකුවලට තිබෙන ණය අයකර ගැනීමේ පිළියම් සංශෝධනය කළ හැකි බවට ඇමැති මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අදාළව කරන ලද ප්‍රකාශයන් සිය සාමාජිකයන් දැඩි අවධානයෙන් යුතුව නිරීක්ෂණය කර ඇති බව ද ශ්‍රී ලංකා බැංකු සංගමය පවසයි.
“මෙම තීරණය සහ පුළුල් ප්‍රචාරණය දිගු කලක් තිස්සේ තම ණය වගකීම් පැහැර හැර ඇති කුඩා පිරිසකගේ දැඩි බලපෑම්වලට ප්‍රතිචාරයක් ලෙස පෙනෙනවා. මෙම කුඩා කණ්ඩායම ශ්‍රී ලංකාවේ පුළුල් ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය නොකරන බව අපේ අදහසයි.” යනුවෙන් එම සංගමය පවසයි.
සිය සාමාජික බැංකුවල අරමුණ වන්නේ ජාතික ආර්ථිකයට සහය වන සහ මහජන තැන්පත්කරුවන් ආරක්ෂා කරන නියාමන ප්‍රතිපත්ති රාමුව තුළ බැංකු පද්ධතියේ ස්ථායීතාව පවත්වා ගැනීමට සහාය වීම බව ශ්‍රී ලංකා බැංකු සංගමය පවසයි.
මෙම තත්ත්ව තුළ, ණය අයකර ගැනීම සම්බන්ධයෙන් පවතින නීති සංශෝධනය කිරීම සම්බන්ධයෙන් වාර්තා වී ඇති මැදිහත්වීම්වලට සාමාජික බැංකු දැඩි ලෙස විරෝධය පළ කරන අතර, දත්ත සහ සමස්ත රටේ ජාතික ආර්ථික අවශ්‍යතා මත පදනම්ව තීරණ ගන්නා ලෙස ප්‍රතිපත්ති සම්පාදකයන්ගෙන් ඉල්ලා සිටින බව ද සඳහන් කරයි.
තම තැන්පතු බැංකු තුළ අනාරක්ෂිත යැයි තැන්පතුකරුවන්ට හැඟීමක් ඇති නොකළ යුතු බවත් එම සංගමය පෙන්වා දෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart