March 10, 2024

වයඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසර සිසුන් දස⁣දෙනකු ඊයේ (09) දින කෑගල්ල අලගල්ල කන්දේ රාත්‍රී කඳවුරු බැඳ ආපසු එමින් සිටිය දී එක් සිසුවකු ප්‍රපාතයකට ඇදවැටී අනතුරකට ලක්ව තිබේ.

ඒ පිළිබඳ ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයට ලැබුණු තොරතුරකට අනුව 611 වැනි බලස්නාවේ 8 වැනි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට දැනුම් දී ඇති අතර ඔවුන් වහාම ක්‍රියාත්මක වී හමුදා භට පිරිස් කඩිනමින් එම ස්ථානයට යොමුකර ඇත.

අනතුරුව වහාම ක්‍රියාත්මක වූ යුද හමුදා භට පිරිස් අනතුරට පත්ව සිටි කල්මුණේ ප්‍රදේශයේ පදිංචි ඔරින්ටන් අංඩ්‍රාඩෝ නම් විශ්වවිද්‍යාල සිසුවා ප්‍රපාතයෙන් ගොඩට ගෙන ප්‍රථමාධා⁣ර ලබාදීමට කටයුතු කර ඇත.

පසුව ඔහුව කඳු පාමුලට ගෙනැවිත් වැඩිදුර ප්‍රතිකා⁣ර සඳහා මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇත.