March 10, 2024

කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී ලබන 19 වැනිදා විවාදයට ගැනීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවැසේ.

මේ අතර කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇත.

මෙම න්‍යාය පත්‍රය නිකුත් කෙරුණේ ඉකුත් 7 වැනිදාය.

සාමාන්‍යයෙන් විශ්වාසභංග යෝජනාවක් න්‍යාය පුස්තකයෙන් දැනුම්දීම් කර දින පහකින් පසු විවාදයට ගැනීමට හැකියාව ඇත.

ඒ අනුව ලබන 12 වැනිදායින් පසු යෝජනාව විවාදයට ගැනීමට අවස්ථාව පවතින බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේවෙතත් පාර්ලිමේන්තුව නැවත රැස්වීමට නියමිතව ඇත්තේ ලබන 19 වැනිදාය.(ලංකාදීප)