
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජය විසින් මීට වසර දෙකකට පෙර වී මිලදී ගැනීමේ යාන්ත්‍රණය අත්හිටුවා තිබියදීත් රජයේ වී අලෙවි මණ්ඩලයට සිදුව ඇති රුපියල් බිලියන ගණනක පාඩුව මෙතෙක් විසඳී නොමැති බව දැනගන්නට තිබේ.
මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 2ක් වෙන්කිරීමට කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර විසින් කළ ඉල්ලීමට කැබිනට් අනුමැතිය ලැබී නොමැති බව විශ්වාසදායක ලෙස දැනගන්නට ඇත.
මහා භාණ්ඩාගාරයේ මුදල් ප්‍රතිපාදන ලබාදී නොතිබුණ ද ඇමැති අමරවීර පවසන්නේ, වී අලෙවි මණ්ඩලය විසින් සිය අරමුදල් යොදවා වී තොග කිහිපයක් මිලදී ගෙන ඇති බවයි.
වී අලෙවි මණ්ඩලය පිළිබඳ ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කරන ලද නවතම විගණන වාර්තාවෙන් හෙළි වූ පරිදි 2022 වසරේ සිදුව තිබූ රුපියල් මිලියන 741.66ක පාඩුව හා සැසඳීමේ දී 2023 වසරේ මණ්ඩලයේ මෙහෙයුම් හේතුවෙන් ලබා ඇති පාඩුව රුපියල් මිලියන 1,248.74ක් බවට පත්ව තිබේ.
ඒ අනුව රුපියල් මිලියන 507.08ක වැඩි මූල්‍ය පාඩුවක් එම වසරේ නිරීක්ෂණය වී ඇත.
පෙර වසරට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ මෙම පිරිහීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ අනෙකුත් ආදායම් රුපියල් මිලියන 36.80කින් පහළ යෑම සහ මූල්‍ය වියදම් රුපියල් මිලියන 717.23කින් ඉහළයෑම බව විගණන වාර්තාව මගින් අනාවරණ කර තිබේ.
2020 වසරේ සිට පවතින ණය හිමියන්ගේ ශේෂය රුපියල් මිලියන 7,115.84 2020ක් බවට පත්ව ඇති බව ද විගණන වාර්තාව හෙළිකරයි.
ඒ අතරින් මිලියන 48.25ක් අදාළ වන්නේ අවසන් වසර සඳහාය.
ජාතික විගණන ආයතනයට අනුව භාණ්ඩාගාරයට ගෙවිය යුතු රුපියල් මිලියන 6,684.55ක් 2023 අප්‍රේල් 30 දින වනවිටත් පියවා නොතිබිණි.
මණ්ඩලය විසින් මිලදී ගන්නා ලද වී තොග වෙළෙඳ පොළ මිලට වඩා අඩු මිලකට අලෙවි කළ බැවින් ඉදිරි කන්නය සඳහා වී මිලදී ගැනීමට සහ අලෙවියෙන් සිදුවන පාඩුව පියවා ගැනීමට අවශ්‍ය මුදල් සපයා ගැනීම සඳහා වාර්ෂිකව මහා භාණ්ඩාගාරයෙන් සහ රාජ්‍ය බැංකුවලින් ණය පහසුකම් ලබාගැනීමට කටයුතු කර තිබූ බවද වාර්තාව වැඩිදුරටත් අනාවරණය කරයි.
2009 සිට 2014 දක්වා වී මිලදී ගැනීම් සහ මෙහෙයුම් වියදම් සඳහා රාජ්‍ය බැංකු දෙකෙන් ලබාගත් බැර සහ අත්තිකාරම්වලින් 2020 දෙසැම්බර් 31 වන විට ගෙවිය යුතු සමුච්චිත මුදල රුපියල් මිලියන 22,652.79ක් වූ අතර සමුච්චිත පොලිය රුපියල් මිලියන 28.67ක් වී තිබේ.
මෙය මණ්ඩලයේ පැවැත්මට අහිතකර ලෙස බලපා ඇත.
ඒ අනුව, රජයේ මූල්‍ය ආධාර නොමැතිව මණ්ඩලයට සිය වගකීම් ඉටු කිරීමට මූල්‍ය ශක්තියක් නොමැති බව නිරීක්ෂණය වී තිබේ.
ගොවීන්ගෙන් සහතික මිලට අස්වැන්න මිලදී ගැනීමෙන් ගොවි ප්‍රජාවගේ දරිද්‍රතාව තුරන් කිරීම සහ රට තුළ අමතර තොග පවත්වාගෙන යෑමෙන් ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම වී අලෙවි මණ්ඩලයේ ප්‍රමුඛ අරමුණු බව වැඩිදුරටත් අනාවරණ වේ.
එම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා පළාත් හතක මෙට්‍රික්ටොන් 327,285ක ධාරිතාවකින් යුත් ගබඩා 356ක් මණ්ඩලයට තිබුණද 2023 ජූලි 26 වන විට එම මණ්ඩලය සතුව පළාත් හතක වී මෙට්‍රික් ටොන් 7511ක් පමණක් තිබී ඇත.
ඒ අනුව ගබඩා කර ගැනීමට හැකිවී ඇත්තේ මුළු ධාරිතාවෙන් 2.3%ක් පමණක් බව නිරීක්ෂණය වී ඇත.
තවද,මණ්ඩලයේ සේවක සේවිකාවන් 136ක් සඳහා වැටුප් වශයෙන් රුපියල් මිලියන 105.02ක් වැය කර ඇත.
එවැනි පසුබිමක ඇමැති අමරවීර ප්‍රකාශ කරන්නේ, භාණ්ඩාගාරය නැවත මුදල් ප්‍රතික්ෂේප කළහොත් වී අලෙවි මණ්ඩලය භාණ්ඩාගාරයට පැවරීමට කටයුතු කරන බවයි.
” වී අලෙවි මණ්ඩලයේ පාඩුවට හේතුවී ඇත්තේ තනිකරම මණ්ඩලයේ අසාර්ථක වීමක් නිසා නෙවෙයි. රජය විසින් කලින් කලට ගන්නා තීරණ නිසයි ” යනුවෙන් ඔහු අවධාරණය කළේය.
මේ අතර, සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න රජයෙන් ඉල්ලා ඇත්තේ, වී අලෙවි මණ්ඩලයේ මෙහෙයුම් නැවත ආරම්භ කර ගොවීන්ගෙන් සාධාරණ මිලකට වී මිලදී ගන්නා ලෙසයි.
“රජය වී ක්ෂේත්‍රය තම පාලනය යටතේ තබා ගත යුතුයි. මණ්ඩලය අක්‍රියව පැවතියහොත් රටේ වී ව්‍යාපාරයේ මෙන්ම සහල් වෙළෙඳපොළේ සම්පූර්ණ පාලනය පෞද්ගලික සමාගම්වලට යයි,” යනුවෙන් ඔහු අවධාරණය කරයි.(Sunday Morning)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart