
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුපියල් මිලියන 3.5 ක මුදලක කප්පමක් ඉල්ලා පුද්ගලයකු පැහැරගෙන ගොස් රදවා තබා ගැනීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් 04 දෙනකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, පැහැරගැනීමට ලක්වූ පුද්ගලයාගේ බිරිඳ විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව, මොරගහහේන පොලිසිය විසින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමෙන් අනතුරුවයි.
ඉකුත් බ්‍රහස්පතින්දා මොරගහහේන, කෝරළයිම ප්‍රදේශයේ දී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් සිව්දෙනෙකු විසින් අදාළ පුද්ගලයා පැහැරගෙන ගොස් තිබේ.
අනතුරුව එම පුද්ගලයා මුදාහැරීම සඳහා ඔවුන් කප්පම් ඉල්ලා ඇත.
පොලිසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔවුන් අදාළ පුද්ගලයාව පැහැරගැනීමට යොදාගත් වාහනය ද සමඟය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28ත් 45ත් අතර වයස් කාණ්ඩවල පසුවන්නන් බව පොලිසිය පවසයි.
ඔවුන් කොටදෙණිය සහ අංගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව අනාවරණ වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මොරගහහේන පොලිස් ස්ථානය මගින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart