
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රතු මුහුදේ දියයට කේබල්වලට හානි වීම හේතුවෙන් ආසියාව, යුරෝපය සහ මැදපෙරදිග අතර විදුලි සංදේශ ජාලවලට බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ හේතුවෙන් අන්තර්ජාල පිවිසුම සඳහා ඇති තදබදය සේවා ලබා ගන්නා හතරෙන් එකකට පමණ බලපෑමක් වී ඇති බව ද කියැවේ.
හොංකොං ටෙලිකොම් සමාගමක් වන HGC Global Communications පවසන පරිදි, ප්‍රධාන ටෙලිකොම් ජාල හතරකට අයත් කේබලවලට හානි වීම පෙරදිග සන්නිවේදන ජාලවලට සැළකිව යුතු බාධාවක් ඇති කර තිබේ.
එම සමාගම ඇස්තමේන්තු කරන්නේ ආසියාව සහ යුරෝපය අතර මෙන්ම මැද පෙරදිග අතර අන්තර්ජාල පිවිසුම සඳහා ඇති තදබදය වැඩිවීම මත 25%කට බලපෑම් එල්ල වී ඇති බවයි.
හොංකොං ටෙලිකොම් පැවසුවේ ගනුදෙනුකරුවන්ට සිදුවන බාධා අවම කිරීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් සිටින අතර බලපෑමට ලක් වූ ව්‍යාපාර සඳහා සහය වීම ද සිදුකරන බවයි.
කේබල්වලට හානි වී ඇත්තේ කෙසේද යන්න හෝ ඊට වගකිව යුත්තේ කවුරුන්ද යන්න එම සමාගම ප්‍රකාශ කර නැත.
බලපෑමට ලක් වූ කේබල් පද්ධතියක් හිමි දකුණු අප්‍රිකාව පදනම් කරගත් සීකොම් සමාගම පැවසුවේ, ප්‍රදේශයේ ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය බලපත්‍ර ලබා ගැනීමට ගතවන කාලය හේතුවෙන්,අලුත්වැඩියා කටයුතු අවම වශයෙන් තවත් මාසයකටවත් ආරම්භ කළ නොහැකිවනු බවයි.
දිය යට කේබල් යනු අන්තර්ජාලය මෙහෙයවන අදෘශ්‍යමාන බලවේගයන වේ.
එම කේබල් පවත්වාගෙන යනු ලබන්නේ ගූගල්, මයික්‍රොසොෆ්ට්, ඇමේසන් සහ ෆේස්බුක් මව් සමාගම වන මෙටා වැනි අන්තර්ජාල දැවැන්තයන් විසින් සපයන අරමුදල් මගිනි.
2006 වසරේදී තායිවාන භූමිකම්පාවෙන් පසුව කේබලවලට හානී සිදු වූ අවස්ථාවේ ඇතිවූ බින්දවටීම් ආකාරයෙන්ම මෙම උපසමුද්‍ර ජාලවලට හානි වීම හේතුවෙන් පුළුල් අන්තර්ජාල ඇණහිටීම් ඇති කළ හැකිය.
රතු මුහුදේ කේබල් විනාශ කිරීම පැමිණෙන්නේ හූති කැරලිකරුවන් කේබල් ඉලක්ක කර ගැනීමේ හැකියාව පිළිබඳව යේමන රජයේ නිල අනතුරු ඇඟවීමෙන් සති කිහිපයකට පසුවය.
ඉරානයේ පිටුබලය ලබන සටන්කාමීන් දැනටමත් තීරණාත්මක ජල මාර්ගයේ වාණිජ යාත්‍රාවලට පහර දීමෙන් ගෝලීය සැපයුම් දාම කඩාකප්පල් කර ඇත.
ඒ අනුව රතු මුහුදේ දියයට කේබල්වලට හානි වීම හූති කැරලිකරුවන් විසින් සිදු කරන ලද්දක් ද යන්න සම්බන්ධයෙන් මේ වනවිට සැක පවතින අතර මෙටා සමාගමට අයත් ජාල කිහිපයක්ම ඊයේ බිඳ වැටීමට මෙයද එක් හේතුවක් විය හැකි බවට මත පළ වී තිබේ.
කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් කිසිදු තහවුරු කිරීමක් මෙතෙක් සිදුවී නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart