
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විශ්‍රාම වැටුප් දෙකක් ලබා ගන්නා බවට මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුණවැවේ ධම්මරතන හිමි කරන චෝදනාව ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පවසයි.
ඇයගේ කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, උන්වහන්සේගේ චෝදනා අසත්‍ය සහ පදනම් විරහිත බවයි.
හිටපු ජනාධිපතිනිය ලෙස ඇයට හිමි විශ්‍රාම වැටුප පමණක් ලබාගන්නා බව එම නිවේදනයේ සඳහන් වේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තම පාලන සමයේදී ජනාධිපතිවරයාගේ විශ්‍රාම වැටුප ඉහළ දමාගත් නමුත්, හිටපු ජනාධිපතිවරුන් වන තමාගේ සහ ඩී.බී. විජේතුංගගේ විශ්‍රාම වැටුප් වැඩිකිරීමක් සිදු නොකළ බවද හිටපු ජනාධිපතිනිය පවසයි.
කෙසේවෙතත්, 2015 වසරේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු එම තත්ත්වය නිවැරදි වූ බවත්, චන්ද්‍රිකා කුමාරතුංගගේ බැංකු ගිණුමට බැර වන විශ්‍රාම වැටුප සමාජ සේවා සඳහා පමණක් භාවිත කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart