
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රමිතියෙන් තොර මානව ඉමියුනොග්ලොබියුලින් එන්නත් ගෙන්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අතිරේක සෞඛ්‍ය ලේකම් සමන් රත්නායක මේ වනවිට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ රහස්‍ය ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් සිටියි.
එම ප්‍රකාශය කැමරාවක් ඉදිරියේ ලබා දෙන බව වාර්තා වේ.
මෙම ප්‍රකාශය ඔහු විසින් කැමැත්තෙන් ලබා දීමට සුදානම් බව ඔහුගේ නීතිඥයා අධිකරණය වෙත දන්වා තිබිණි.
ප්‍රමිතියෙන් තොර මානව ඉමියුනොග්ලොබියුලින් එන්නත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු මාර්තු 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
ඒ ව්‍යාජ හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් අනතුරුවය.
ඉමියුනොග්ලොබියුලින් සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු සෞඛ්‍ය ලේකම්, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්යක්ෂ ඇතුළු ප්‍රධාන සැකකරුවන් කිහිපදෙනකු ද මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart