
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රාජ්‍ය ආදායම ඉහළ නැංවීමට සැලසුම් ඇති බවත්, රාජ්‍ය ආදායම ඉහළ නැංවීමේ ක්‍රම පිළිබඳ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කළ බවත්, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරයි.
රත්නපුර දිස්ත්‍රික් කාන්තා සම්මේලනය අමතමින් ඔහු කියාසිටියේ රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව හරහා ද රාජ්‍ය ආදායම ඉහළ නැංවිය හැකි බවයි.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්යමණ්ඩලයේ කාර්යක්‍ෂමතාව ඉහළ නංවා තාක්‍ෂණය දියුණු කළහොත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරහා ලැබෙන ආදායම දෙගුණයකින් වැඩිකර ගතහැකි බව ඔහු පවසයි.
“අපිට මුදල් හොයාගන්න පුළුවන්.දේශීය ආදායම් දෙපාර්තමේන්තුවත් එක්ක සාකච්ඡා කළා.දෙපාර්තුමේන්තුවේ භාවිත වන නීති, කාර්ය මණ්ඩල, තාක්‍ෂණයේ යම් යම් වෙනස්කම් කරන්න තියෙනවා. කාර්ය මණ්ඩලයේ කාර්යක්ෂමතාව වැඩි කළොත් ඒ හරහා ලැබෙන ආදායම දෙගුණ කරන්න පුළුවන්. රේගු හා සුරාබදු දෙපාර්තමේන්තුවලින් උපයන ආදායමද වැඩිකරගත හැකියි. මත්පැන් නිෂ්පාදකයන් සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 90ක පමණ හිඟ මුදලක් ගෙවන්නත් තියෙනවා” යනුවෙන් ඔහු පැහැදිලි කරයි.
ජාතික ජන බලවේගයේ රජයක් බලයට පත් වූ පසු ජනතාවගේ ආහාර, අධ්‍යාපනය සහ සෞඛ්‍ය අවශ්‍යතා ඇතුළු මූලික අවශ්‍යතා සහතික කරන බව ද අනුර කුමාර දිසානායක පවසයි.
මැණික් සම්පත, තේ කර්මාන්තය, සංචාරක ව්‍යාපාරය සහ කෘෂිකර්මාන්තය පදනම් කරගත් කර්මාන්ත මුල් කර ගනිමින් ආර්ථිකය පුනර්ජීවනය කිරීමට දීර්ඝ කාලීන සැලසුම් සකස් කර ඇති බව ද ඔහු සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart