
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මත්පැන් පානය කර යතුරුපැදියක් පදවමින් පොලිස් නිලධාරින් දෙදෙනකුට සාපරාධ බලහත්කාරය පෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු යුද හමුදා සෙබළියන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි පැවසෙන්නේ හොරණ මුනගම, දික්වෙනගම පදිංචි 38 හැවිරිදි විශ්‍රාමික හමුදා සෙබළියක් සහ හලාවත, මාරවිල පදිංචි පනාගොඩ යුදහමුදා කඳවුරේ සාමාන්‍ය සෙබළියක ලෙස සේවය කර මීට මාස තුනකට පෙර පළාගිය බව කියන 21 හැවිරිදි තැනැත්තියකි.
දෙදෙනාම යුද හමුදා ක්‍රීඩා අංශයේ සේවය කළ බව පොලිසිය සඳහන් කරයි.
හොරණ මුලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ පොලිස් නිලධාරින් දෙදෙනකු පානදුර රත්නපුර මාර්ගයේ ඉලිඹ හන්දියේ පෙරේද (28) රාත්‍රි 10.30ට පමණ රථවාහන රාජකාරියේ නිරතව සිටියදී ඉංගිරිය දෙස සිට දෙදෙනකු පැමිණි ස්කූටි වර්ගයේ යතුරුපැදියකට නැවතීමට සංඥා කර තිබූ බව පොලිසිය කියයි.
එම සංඥාවලට අවනත නොවූ සැකකාර පදිකාරිය පොලිස් නිලධාරීන් පසුකර කටුනේන අතුරු මාර්ගයට යොමු කර පලායාමේදී පොලිස් නිලධාරින් දෙදෙනාද පොලිස් යතුරු පැදියෙන් මීටර් 300 ක පමණ දුරක් පසුපස හඹා ගොස් යතුරු පැදිය නවත්වාගෙන අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.
එහිදී සැකකාර ග්‍රාමික සෙබළියක නිලධාරින් අමතා ‘තමන් යුද හමුදා බුද්ධි අංශයේ’ සෙබළියන් බවත් තමන්ගේ රාජකාරි ගමනට බාධා කිරිමට පැමිණි බවට උසස් නිලධාරීන්ට පැමිණිලි කරන බවට පවසා පොලිස් නිලධාරින්ට තර්ජනය කර එම ස්ථානයෙන් පළායෑමට උත්සාහ දරා ඇතැයි කියති.
එය අසාර්ථක වූ පසු “තමන්ට නිවසේදී මත්පැන් පානය කිරීමට අවසර නැද්ද” යනුවෙන් පොලිස් නිලධාරීන් සමඟ තර්ක කරමින් සාපරාධී බලහත්කාරය පා ඇතැයි ද පොලිසිය කියයි.
අනතුරුව රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනා රාත්‍රි ජංගම සංචාරක කැබ් රථයෙන් පොලිස් කාන්තාවක එම ස්ථානයට ගෙන්වා සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන යෑමට කටයුතු කර, ඒ බව හමුදා පොලිසියට ද දැනුම් දී ඇත.
අනතුරුව සැකකාර සෙබළියන් දෙදෙනා ශ්වසන නළ පරීක්ෂාවකට යොමු කෙරුණු අවස්ථාවේදී මත්පැන් පානය කර ඇති බව සනාථ වූ බවද පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.
සැක්කාරියෝ දෙදෙනා හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart