
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වැල්ලවත්ත මැරීන් ඩ්‍රයිව් හි සංචාරක හෝටලයක් ඉදිරිපිට ඊයේ අලුයම වාර්තා වූ වෙඩි තැබීමේ සිද්ධියේ CCTV දර්ශන නිකුත් වී තිබේ.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු වෙඩි ප්‍රහාර 12ක් පමණ තබා පළායන දර්ශන එහි සටහන්ව ඇත.
වෙඩි තැබීම සඳහා තුවක්කුකරුවන් ටී 56 වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව වාර්තා සඳහන් කරයි.
වෙඩි තැබීමෙන් තුවාල හෝ ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart