
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2018 වසරේ සිට ඉන්දියාවට පැමිණෙන බංග්ලාදේශ සංචාරකයන්ගේ 83%ක වර්ධනයක් පෙන්නුම් කරන බව එරට වාර්තා පවසයි.
2022 වසරේ අප්‍රේල් සිට ඔක්තෝම්බර් දක්වා විදේශිකයන් ලක්ෂ 38.3 කට අධික සංඛ්‍යාවක් ඉන්දියාවට පැමිණ ඇති අතර, ඉන් ලක්ෂ 8.4 ක පමණ පිරිසක් බංග්ලාදේශ ජාතිකයන් බවයි ඉන්දීය වාර්තා පෙන්වා දෙයි.
එලෙස පැමිණ ඇති බහුතරය වෛද්‍ය ප්‍රතිකාර සේවා සදහා පැමිණ ඇති බව වාර්තා වේ.
ඉන්දියාව වඩාත් කාර්යක්ෂම හා වේගයෙන් වර්ධනය වන වෛද්‍ය සංචාරක ගමනාන්තයක් බවට අද වන විට ගෝලීයව පත්ව ඇති අතර බංග්ලාදේශය වැනි දකුණු ආසියාතික රටවල සෞඛ්‍ය සේවා සැපයීමේදී ද්වීපාර්ශ්විකවද ඉන්දියාව දැනටමත් ප්‍රමුඛතම කාර්යභාරයක් ඉටු කරනු ලබයි.
ඉපැරණි සාම්ප්‍රදායික යුනානි, යෝග, භාවනා, ආයුර්වේද හා හෝමියෝපති ප්‍රතිකාර හැකියාවන් ඉන්දියාවේ වෛද්‍ය සේවාවන්හි සුවිශේෂීත්වයක් දරන අතර ඒ සදහා අද වන විට ගෝලීයව බොහෝ සංචාරකයන් යොමුවීමට පෙළඹී ඇති බව ද වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart