
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යුක්රේනය ආක්‍රමණය කිරීම සහ විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නිගේ මරණය සම්බන්ධයෙන් රුසියාවට එරෙහිව නව සම්බාධක 500 කට වැඩි සංඛ්‍යාවක් එක්සත් ජනපදය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
මෙම පියවරට රුසියාවේ ප්‍රධාන කාඩ්පත් ගෙවීම් පද්ධතිය, මූල්‍ය හා මිලිටරි ආයතන සහ නවාල්නි සිරගත කිරීමට සම්බන්ධ නිලධාරීන්ට එරෙහි පියවර ඇතුළත් වේ.
යුරෝ තාක්ෂණයට ප්‍රවේශවීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය ද රුසියාවට එරෙහිව නව සම්බාධක ප්‍රකාශයට පත්කර තිබේ.
නවාල්නි ආක්ටික් කවයේ සිරගෙදරකදී හදිසියේ මියගොස් සතියක් ගතවෙද්දී මෙම සම්බාධක පැනවීම සිදුකර ඇත.
බ්‍රහස්පතින්දා සැන් ෆ්‍රැන්සිස්කෝහිදී නවාල්නිගේ වැන්දඹු බිරිඳ සහ දියණිය හමුවූ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත්තේ ඔහුගේ මරණයට රුසියානු ජනාධිපතිවරයා වගකිව යුතු බවට ‘සැකයක්’ නොමැති බවයි.
අලුතින් ප්‍රකාශයට පත්කරන ලද එක්සත් ජනපද ක්‍රියාමාර්ගවලට, අපනයන සීමා කිරීම්වලට ද මුහුණදෙන සමාගම් සහ පුද්ගලයන් 100 කට ආසන්න සංඛ්‍යාවක් ඇතුළත් වේ.
කෙසේවෙතත් මෙම සම්බාධකවලට රුසියාවේ ආර්ථිකයට විශාල බලපෑමක් ඇති කළ නොහැකි බව පැවැසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart