
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජර්මානු පාර්ලිමේන්තුව ඊයේ(සිකුරාදා) ගංජා පිළිබඳ නීති ලිහිල් කිරීමේ රජයේ සැලැස්මක් අනුමත කර ඇත.
එම නව නීතියට අනුව ‘ගංජා සමාජවල’ සාමාජිකයන්ට විනෝදාත්මක අරමුණු සඳහා ඒවා මිලදී ගැනීමට ඉඩ සැලසේ.
චාන්සලර් ඔලාෆ් ෂෝල්ස්ගේ සමාජ ලිබරල් පාලන සන්ධානයේ ප්රමුඛ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක කොටසක් වන මෙම නව නීතියට පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රණ සභාව හෙවත් බුන්ඩෙස්ටැග් සහාය ලබාදී ඇත්තේ ඡන්ද 407 ට 226 ක් ලෙසිනි. ඡන්දය දීමෙන් වැළකී සිටීම් 04ක් විය.
ජර්මන් සෞඛ්‍ය ඇමැති Karl Lauterbach පවසා ඇත්තේ, රජයේ අරමුණ ‘කළු වෙළඳපොලට එරෙහිව සටන් කිරීම’ සහ තරුණයන් වඩා හොඳින් ආරක්ෂා කිරීම බවයි.
ජර්මනියේ වර්තමාන ගංජා පිළිබඳ නීති අසාර්ථක වී ඇති අතර, පරිභෝජනය ඉහළ යෑම සහ දූෂිත හෝ අධික ලෙස සාන්ද්‍රිත ගංජා සමඟ ගැටලු වැඩි වී ඇති බව ඔහු පෙන්වාදී ඇත.
විනෝදාත්මක අරමුණු සඳහා වැඩිහිටියන් විසින් ගංජා ග්‍රෑම් 25 (අවුන්ස 1කට ආසන්න) දක්වා සන්තකයේ තබාගැනීම නීතිගත කිරීම සහ පුද්ගලයන්ට තනිවම පැල තුනක් දක්වා වැවීමට ඉඩ දීම මෙම පනත් කෙටුම්පතෙන් අදහස් කර තිබිණි.
ව්‍යවස්ථාවේ එම කොටස ලබන අප්‍රේල් 1 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart