
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රජිව් ගාන්ධි ඝාතන නඩුවෙන් නිදහස් වූ එක් වරදකරුවෙකු වන සාන්තන් වහාම ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට පහසුකම් සලසමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ඔහුට හදිසි සංචාරක ලේඛනයක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දැනට තිරුචිරප්පල්ලි මධ්‍යම බන්ධනාගාරයේ විශේෂ කඳවුරේ රඳවා සිටින සාන්තන් පසුව නිලධාරීන් විසින් තිරුචිරප්පල්ලි අන්තර්ජාතික ගුවන් තොටුපළ වෙත රැගෙන යනු ඇති බව The New Indian Express (TNIE) වාර්තා කරයි.
සාන්තන්ගේ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඔහුට කලින් තාවකාලික ගමන් ලියවිල්ලක් නිකුත් කර ඇති අතර දැන් ඉන්දියාවේ විදේශිකයන් ලියාපදිංචි කිරීමේ කාර්යාලය (FRRO) පිටවීමේ බලපත්‍රයක් ලබා දී ඇත.
“සාන්තන් ටිකට් එක වෙන්කරගත්තම එයාව පිටුවහල් කරනවා. ඔහුව ගුවන් තොටුපළ දක්වා රැගෙන යන ලෙස දිස්ත්‍රික් පරිපාලනයට උපදෙස් දී තියෙනවා” දිස්ත්‍රික් කලෙක්ටර් සහ තිරුචිරප්පලි දිස්ත්‍රික් මහේස්ත්‍රාත්, එම් ප්‍රදීප් කුමාර් උපුටා දක්වමින් TNIE වැඩිදුරටත් වාර්තා කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart