
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජල සම්පාදන හිටපු රාජ්‍ය ඇමැති සනත් නිශාන්තගේ මරණයට හේතූව මේ අවස්ථාවේ දී ප්‍රකාශයට පත් කිරීමට හැකියාවක් නැතැයි වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදානසඳහන් කර තිබේ.
සනත් නිශාන්තගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් මෙතෙක් අධිකරණයට යොමුකර නොමැති බව අවධාරණය කරමින් මහෙස්ත්‍රාත්වරයා මේ බව ප්‍රකාශ කළ බව අද දෙරණ වාර්තා කර ඇත.
සන්ත නිශාන්තට මරු කැඳවූ කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ කෙරවළපිටිය ප්‍රදේශයේ සිදු වූ මාරක රිය අනතුරට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ දී මෙම සිද්ධියෙන් අතෘප්තියට පත් වූ බව පවසමින් සනත් නිශාන්තගේ බිරිඳගේ අයිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ධනරාජ් සමරකෝන් මෙම සිද්ධියෙන් මිය ගිය අයගේ මරණයට හේතූව ප්‍රකාශයට පත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා ඇත.
ඒ අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරයා පැවසුවේ, මෙම අනතුරින් මියගිය සනත් නිශාන්තගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් මෙතෙක් අධිකරණයට යොමුකර නොමැති හෙයින් මෙම මරණයට හේතූව මේ අවස්ථාවේ දී ප්‍රකාශයට පත් කිරීමට හැකියාවක් නොමැති බවයි.
රිය අනතුරක් සිදු වූ විට එම ස්ථානය පරීක්ෂා කිරීමට අවශ්‍යතාවක් නැතත් අනතුර සිදු වූ පසුගිය ජනවාරී 24 වැනි දා තමා එම ස්ථානය නීරීක්ෂණය කළ බව පෙන්වාදුන් මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන, ඉන් ගැටලු අවම කර ගැනීමට හැකියාවක් ලැබුණු බව පෙන්වාදී ඇත.
මෙම සිද්ධියේ දී මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගෙන් ඉල්ලීමක් කරන ලෙස කඳාන පොලිස් නිලධාරින්ට දැනුම් දුන් මහේස්ත්‍රාත්වරයා, ලබන ජුලි මස පළමු වැනි දා මෙම පැමිණිල්ල යළි කැඳවීමට ද නියම කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart