
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර ඒකාබද්ධ කොමිසමේ 26 වැනි සැසිවාරය අද (පෙබ 22) බ්‍රසල්ස් නුවරදී පැවැත්වේ.
මෙම රැස්වීමේ සම-සභාපතීත්වය දරනු ලබන්නේ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශයේ ලේකම් අරුණි විජේවර්ධන සහ යුරෝපා සංගමයේ යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවයේ ආසියා පැසිෆික් කලාපය සඳහා වන නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ Paola Pampaloni විසින් බව විදේශ අමාත්‍යංශය පවසයි.
ඒකාබද්ධ කොමිසමට සහභාගී වන ශ්‍රී ලංකා නියෝජිත පිරිසට විදේශ කටයුතු අමාත්‍යංශයේ, නීතිපති දෙපාර්තමේන්තුවේ සහ මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළත් වේ.
ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමයේ ඒකාබද්ධ කොමිෂන් සභාව අන්‍යෝන්‍ය උනන්දුවකින් යුත් ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික ගැටලු, සංවර්ධන ආධාර, ධීවර, අධ්‍යාපනය, ප්‍රති- ත්‍රස්තවාදය, පාලනය සහ මානව හිමිකම්, ඉන්දු පැසිෆික් සහ සමුද්‍ර ආරක්ෂාව මෙන්ම පරිසරය ආදී ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර සංවාද සහ සහයෝගීතාව සඳහා වේදිකාවක් ලෙස ක්‍රියාකරයි.
පාලනය, නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම්, වෙළෙඳ හා ආර්ථික සහයෝගිතාව සහ සංවර්ධන සහයෝගිතාව යන ඒකාබද්ධ කොමිසමට වාර්තා කරන ක්‍රියාකාරී කණ්ඩායම් තුනේ ප්‍රතිඵල මෙහිදී ඒකාබද්ධ කොමිසම වෙත ඉදිරිපත් කෙරේ.
නව GSP රෙගුලාසි සහ EU GSP+ සහනවල නව චක්‍රය පිළිබඳ යාවත්කාලීන කිරීමක් ඇතුළුව යුරෝපා සංගමයේ වත්මන් වර්ධනයන් පිළිබඳව ද යුරෝපා සංගමය විසින් මෙහිදී දන්වනු ඇත.
ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීමේ පෙර සැසිවාරය 2023 මැයි මාසයේදී කොළඹදී පැවැත්විණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart