
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
උපතේදී, පිළිකා හෝ අනතුරු හේතුවෙන් මුහුණේ ඇතිවන විකෘතිතා සම්පුර්ණයෙන්ම යථා තත්ත්වයට පත්කර පියකරු මුහුණක් ලබාදීමට අවශ්‍ය සියලුම පහසුකම් සහ ප්‍රතිපාදන රජයේ රෝහල් සතු යැයි මුඛ- හනුක- මුහුණු පිළිබඳ ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති මහනුවර ජාතික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ඒ.එච්.එම්.කේ. අබේසිංහ පවසයි.
‘පියකරු මුහුණක් සිතට සතුටක් මුහුණේ විකෘතිතා ප්‍රකෘති කළ හැක’ යන මැයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පැවැත්වූ ජනමාධ්‍ය සාකච්ඡාවේදී විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.
මුහුණේ විකෘතිතා ඇති වීමට බලපාන ප්‍රධාන හේතුව මාර්ග අනතුරු සහ මිනිස් ගැටුම් නිසා ඇතිවන අනතුරු ලෙස හඳුනාගෙන තිබෙන බවත්, ඊට අමතරව මුඛ පිළිකා හේතුවෙන්ද මුහුණේ විකෘතිතා ඇති වන බවත්, මේ හේතූන් දෙකම වළක්වා ගත හැකි විකෘතිතා යැයි වෛද්‍යවරයා පවසයි.
උපතේදී සහ ලිංගිකව ආසාදනයවන වයිරස නිසාද මුහුණේ විකෘතිතා ඇති වන බවත්, ඊට අමතරව සතුන්ගේ සපාකෑම් සහ පහරදීම් නිසාද විකෘතිතා ඇතිවන බවත්, ඔහු සඳහන් කරයි.
මේ ඕනෑම ආකාරයක විකෘතිතාවක් ඉතාම සියුම් ආකාරයෙන් යථා තත්ත්වයට පත් කිරීමට අපේ රටේ රජයේ රෝහල්වල සියලු පහසුකම් තිබෙන බවත්, ඒ සඳහා රජය විශාල මුදලක් වැයකරන බවත්, වෛද්‍යවරයා පවසයි.
කුඩා දරුවන්ගේ මුඛය බෙදී උපතින් ඇතිවන ආබාධ සඳහා අදියර කිහිපයක් යටතේ ශල්‍යකර්ම කර කථන හැකියාව පවා ඉතා හොඳ මට්ටමකට ගෙනදීමට අපේ රටේ වෛද්‍ය සේවාව සමත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart