
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අවශ්‍ය නම් කුප්පි ලාම්පුවක් භාවිතයෙන් දරුවන්ට අධ්‍යාපනය ලැබීමට හැකි විය යුතු බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත පවසයි.
සිය ජීවිතයේ විශිෂ්ටයන් වූ වැඩිහිටි පරම්පරාව කුප්පි ලාම්පු භාවිතයෙන් අධ්‍යාපනය ලැබූ බව ඔහු සඳහන් කරයි.
අද දෙරණ සමඟ පැවති වැඩසටහනකදී ශ්‍රී ලංකාවේ විදුලි මිල ඉහළ යෑම සම්බන්ධ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.
”අපි අවුරුදු 09ක් විදුලි ගාස්තු වැඩි කළේ නැහැ. දැන් එක පාරට ගාස්තු වැඩි කරන නිසා දුක් විඳිනවා. ලංවිම තවමත් රජයට බිලියන 440ක් ණයයි”
දරුවෙකුට ඉගෙනීමට විදුලිය අවශ්‍ය වන්නේ මන්දැයි තවදුරටත් ප්‍රශ්න කළ ඔහු, කුප්පි ලාම්පුවක් ප්‍රමාණවත් යැයි කියා සිටියේ තමන් අධ්‍යයන කටයුතු කර ඇත්තේ එවැනි පහනක් භාවිත කර බව ද ප්‍රකාශ කරමිනි.
රටේ තාක්‍ෂණික දියුණුවට සමගාමීව පහසුකම් ලබා නොදෙන්නේ මන්දැයි ප්‍රශ්න කළ විට ඔහු සඳහන් කරන්නේ, සිය දරුවන්ට ප්‍රමාණවත් පරිදි මුදල් උපයා දීමට නොහැකි වීම මාපියන්ගේ වරදක් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart