
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බැස්ටියන් මාවත බස් නැවතුම්පළේ පොදු වැසිකිළි පහසුකම් භාවිත කිරීමේ ගාස්තුව රුපියල් 50ක් දක්වා ඉහළ නංවා තිබේ.
එහි නඩත්තු සේවකයින්ට අනුව මීට පෙර වැසිකිළි භාවිත ගාස්තුව පැවතියේ පුද්ගලයකුට රුපියල් 20ක් ලෙසිනි.
ජාතික ගමනාගමන කොමිෂන් සභා කාර්යාලය සමඟ ඇතිකරගත් එකඟතාවකට අනුව බැස්ටියන් මාවතේ වැසිකිළි පහසුකම් සඳහා ගාස්තු ඉහළ දමා තිබේ.
ජල ගාස්තු ඉහළ දැමීමෙන් පසු මාසික ජල බිල රුපියල් 175,000ක් වන බවත් එබැවින් වැසිකිළි පහසුකම් ගාස්තු ද වැඩි කර ඇති බවත් නිලධාරීන් ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව ඔවුන්ගේ ජල බිල රුපියල් 60,000කින් ඉහළගොස් තිබේ.
කෙසේවෙතත්, කොළඹ මහ නගර සභාව විසින් බැස්ටියන් මාවතේ පවත්වාගෙන යනු ලබන පොදු වැසිකිළි පහසුකම් සංශෝධනය කර නොමැති අතර, එහි ගාස්තුව පුද්ගලයකුට රුපියල් 40කි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart