
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මරණීය දණ්ඩනය නියම කර තිබුණු, එසේම අධිකරණය මගහැරීම නිසා වරෙන්තු නිකුත් කළ පුද්ගලයකු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
2009-05-06 වැනි දින වැලිකන්ද පොලිස් වසමේ සෙවණපිටිය දුම්රිය හරස් මාරගයේ දී ආරක්ෂිත දුම්රිය වැට බිඳගෙන බස් රථයක් ධාවනය කිරීමෙන් දුම්රියක ගැටී අනතුරක් සිදු ව තිබුණු අතර, එම අනතුරින් අනතුරෙන් මඟීන් 15 දෙනකු මියගොස්, 40 දෙනෙක් තුවාල ලැබූහ.
මෙම චෝදනාවලට වරදකරු වූ බස් රථයේ රියදුරු හට 2023-09-22 වැනි දින පොළොන්නරුව මහාධිකරණය මඟින් නඩු තීන්දුවක් ලබා දෙමින් මරණීය දණ්ඩනය නියම කර තිබිණි.
රියදුරා අවසන් වරට 2022-05-05 වැනි දින මහාධිකරණයේ පෙනී සිට ඇති අතර, ඉන් පසු අධිකරණයේ පෙනීසිට නැත.
ඉන් පසු ඔහුට අධිකරණය මඟින් වරෙන්තු නිකුත් කර ඇති අතර, අද (14) වැලිකන්ද පොලීසිය විසින් වරදකරු අත්අඩංගුවට ගෙන තිබේ.
වරෙන්තුකරු වයස අවුරුදු 39ක වාලච්චේන ප්රදේශයේ පදිංචිකරුවෙකි.
වැලිකන්ද පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.(අද දෙරණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart