
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉදිරි ජනාධිපතිවරණයට පෙර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පැවැසීය.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට යමකුට අවශ්‍ය නම් කාල රාමුවක් නොතැබිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සේනාරත්න උත්සව සභාවක් අමතමින් කියාසිටියේය.
“විධායක ජනාධිපති ක්‍රමය වහා අහෝසි කිරීමට කවුරුන් හෝ යෝජනා කරනවා නම් මගේ සහය ඔවුන්ට ලැබෙනවා. මම පාර්ලිමේන්තුවෙන් යන්න වුණත් ලෑස්තියි.” යැයිද ඔහු පැවැසීය.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ හැකි නම් විශාල මුදලක් වැයකර ජනාධිපතිවරණයක් පැවැත්විය යුත්තේ මන්දැයි හෙතෙම ප්‍රශ්න කළේය.
ආණ්ඩුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු ඇතැයි තමන් විශ්වාස නොකරන බව පැවසූ සේනාරත්න මන්ත්‍රීවරයා, එය පාර්ලිමේන්තුවේ සාකච්ඡා කළ යුතු කරුණක් බවත්, එය කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවත් වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart