
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනියකට ලිංගික අතවර කළ බව කියන කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ග්‍රාම නිලධාරීවරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
තමන් මේ සම්බන්ධයෙන් ප්‍රථමයෙන් ප්‍රාදේශීය ලේකම්වරයාට පැමිණිල්ලක් කළ නමුත් ඔහු නිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට අපොහොසත් වූ බව වින්දිත කාන්තාව පොලිසියට පවසා තිබේ.
තමන්ව එම රාජකාරිවලින් ඉවත්කර ඇති බැවින් පවතින ජන සංගණනයට අදාළ රාජකාරී සඳහා ලබාදී තිබූ ටැබ් පරිගණකය ආපසු ලබාගන්නා මුවාවෙන් තමා තනිව සිටින අවස්ථාවක තම නිවසට සැකකරු පැමිණි බව ඇය සඳහන් කර ඇත.
තම රාජකාරිය පැහැර හරින බවට සැකකරු චෝදනා කර තම අතින් අල්ලා ගත් බවත්, සිද්ධියෙන් ඇති වූ සිත්වේදනාව නිසා තමන් එම තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කළ බවත්, ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පැවසුවේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart