
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බුදුදහමට නිග්‍රහ කිරීම සම්බන්ධ සැකකරුවකු වන, දේවගැතිවරයකු ලෙස හඳුන්වා ගන්නා ජෙරොම් ප්‍රනාන්දු මෙරටට පැමිණි පසු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය ලබාදුන් නියෝගය අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා විසින් ගොනු කරන ලද අභියාචනයක් ඉදිරියට ගෙන යෑමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබේ.
නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ අභියාචනාධිකරණ නියෝගය අවලංගු කරන ලෙසයි.
නඩුවට අදාළ සියලුම ලියකියවිලි අභියාචනාධිකරණ සේප්පුවේ තබන ලෙසත් වෙනත් කිසිවකුට එම ලේඛනවලට ප්‍රවේශ වීමට ඉඩ නොදිය යුතු බවට සහතික වන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටි අභියාචනාධිකරණ රෙජිස්ට්රාර්වරයාට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
එස්.තුරෙයිරාජා සහ අචල වෙංගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හමුවේ මෙම අභියාචනය කැඳවූ අවස්ථාවේදී දේවගැති ජෙරොම් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ජගත් වික්‍රමනායක අධිකරණයට දන්වා සිටියේ මේ සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට තම සේවාදායකයා සූදානම් බවයි.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ශවේන්ද්‍ර වික්‍රම ඊට විරෝධය පළ කරමින් කියා සිටියේ නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ ලිඛිත දේශන සැළකිල්ලට නොගෙන අභියාචනාධිකරණ නියෝගය ලබාදී ඇති බවයි.
අභියාචනය ගොනු කර ඇති බැවින් නීතිපතිවරයාට මෙම ක්‍රියාවලිය පිළිගත නොහැකි බව ඔහු පැවසීය.
අභියාචනය ඉදිරියට ගෙන යෑමට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය එහි වැඩිදුර විභාගය අගෝස්තු 28 දක්වා කල් \තැබීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart