
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 වර්ෂයේදී පාකිස්ථානය දරුණුතම ආර්ථික අර්බුධයට මුහුණ දෙන බව ‘ලෝක ආර්ථික තත්ත්වය සහ අපේක්ෂාවන් 2024’ පිළිබඳ එක්සත් ජාතීන්ගේ වාර්තා අනාවැකි පළකර තිබේ.
උද්ධමනය, මුදල් අවප්‍රමාණය, විරැකියාව යන අභියෝග මේ සඳහා හේතු වී තිබේ.
මුදල් ඒකකය සියයට 20කින් අවප්‍රමාණය වූ රටවල් අතරට පාකිස්ථානයද ඇතුළත් වී ඇත.
පකිස්ථානයේ රාජ්‍ය බැංකුවට අනුව, 2024 නොවැම්බර් වනවිට ඩොලර් බිලියන 27.47ක විදේශ ණය පියවීමට තිබීම පාකිස්ථානයට එල්ල වී තිබෙන ප්‍රබලතම අභියෝගය වේ.
පාකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥ ආචාර්ය ඉක්‍රාමුල් හක් පැවසුවේ, ඉස්ලාමාබාද් රජය තවදුරටත් ණය වහල්භාවයේ සිරවී ඇති බවයි.
පාකිස්ථාන ජනමාධ්‍යවේදියකු වන ෂාබාස් රානා ඉස්ලාමාබාද් රජයෙන් ඉල්ලා සිටි ඇත්තේ, කොන්දේසි රහිත විදේශ වාණිජ ණය ලබා ගැනීමෙන් වළකින ලෙසයි.
එසේම, පාකිස්ථාන ළමුන්ගෙන් සියයට 80කට පමණ නිසි පෝෂ්‍ය පදාර්ථ නොලැබීම ආර්ථික වර්ධනයට අහිතකර බලපෑම් ඇති කරන බැවින් මන්දපෝෂණය ජය ගැනීමද විශාල අභියෝගයක් වී තිබේ.
පසුගිය මාස දහය තුළ දේශපාලන සහ ප්‍රතිපත්තිමය අවිනිශ්චිතතාවයන් ඇතුළු විවිධ සාධක හේතුවෙන් ආර්ථිකය කඩා වැටී ඇති බව සංඛ්‍යාලේඛන පැහැදිලිව පෙන්නුම් කරන බව ඉස්ලාමාබාද්හි ආර්ථික විද්‍යාඥ ආචාර්ය වකාර් අහමඩ් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart