
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2023 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී මෙරට ක්‍රෙඩිට් කාඩ් හරහා ජනතාව සිදුකළ වියදම්වල වැඩිවීමක් සිදු වී තිබේ.
දෙසැම්බරයේ දී, බලපත්‍රලාභී වාණිජ බැංකුවල ණයපත් ශේෂය රුපියල් මිලියන 6,176කින් ඉහළ ගොස් ඇති බවත්, ඒ අනුව, පසුගිය දෙසැම්බර් මාසයේදී කාඩ්පත් හිමියන්ගේ වියදම් සැළකිය යුතු ලෙස ඉහළ නංවා ඇති බවත් වාර්තා වේ.
කාඩ්පත් ශේෂය පසුගිය දෙසැම්බර් මාසයේදී රුපියල් බිලියන 6.2කින් ඉහළ ගොස් ඇති අතර, එහි වාර්ෂික වර්ධනය රුපියල් බිලියන 8.3ක් වේ.
දෙසැම්බර් මාසය වන විට සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව 4,085කින් වැඩි වී ඇති බවටද වාර්තා වේ.
සැප්තැම්බර් මාසයේදී කාඩ්පත්හි හිඟ ශේෂයේ උපරිම පොලී අනුපාතය සියයට 35 සිට සියයට 28 දක්වා අඩු කරන ලද අතර, අනාගතයේ දී මහ බැංකුව ණය අනුපාත ලෙස කාඩ්පත් සඳහා අය කළ හැකි උපරිම පොලී අනුපාතිකය තවදුරටත් කප්පාදු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart