February 2, 2024

පසුගිය දිනක සිදුකළ පැරෂුට් පැනීම වෙනුවෙන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ප්‍රශංසාවට ලක්ව තිබේ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැරෂුට් පැනීමේ ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කරමින් කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේදී හමුදා පැරෂුට් භටයකු ලෙස තම හැකියාව ප්‍රගුණ කර පසුගියදා ( 22 ) සිය දක්‍ෂතා විදහා දැක්වූ යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ අද (02) ජනාධිපති කාර්යාලයේදී ඇගැයීමට ලක්කෙරිණි.

මෙම ජයග්‍රහණය හා ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේගේ ආදර්ශවත් හමුදා නායකත්වය මෙන්ම කැපවීම සංකේතවත් කරමින් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක අතින් මෙහිදී යුද්ධ හමුදාපතිවරයා වෙත එයාර් බෝන් (AIRBORNE) ලාංඡනය පැළඳවීම සිදුවිය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායකද මෙම අවස්ථාවට එක්ව තිබේ.