
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළඳ ගිවිසුම මෙම සතියේදී අගමැති ශ්‍රේත්ථා තාවිසින්ගේ (Srettha Thavisin) ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් කිරීමට නියමිත බව එරට ප්‍රකාශක Chai Watcharonke පවසයි.
මෙම ගිවිසුම හරහා තායිලන්තයේ සිට වාහන අමතර කොටස්, රෙදිපිළි, විදුලි උපකරණ, යන්ත්‍රෝපකරණ, වානේ නිෂ්පාදන, කඩදාසි, සැකසූ ආහාර සහ සත්ව ආහාර අපනයනයට ප්‍රතිලාභ ලබාදෙන බව තායිලන්ත ජනමාධ්‍ය වාර්තා කරයි.
වෙළඳාම සහ ආයෝජන සඳහා දොරටු විවෘත කිරීම වේගවත් කිරීම මගින් තායි භාණ්ඩ දකුණු ආසියාවේ නව වෙළෙඳපොළ වෙත ගෙන ඒම මෙම ගිවිසුමේ අරමුණ වේ.
ශ්‍රී ලංකාව කුඩා රටක් වුවද, එය ඉන්දියානු සාගරයේ භූගෝලීය පිහිටීම නිසා එය වටිනා වෙළඳපොලක් වන බව එරට වෙළඳ දෙපාර්තමේන්තුව පවසයි.
පසුගිය වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර සමස්ත වෙළෙඳ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 320.37 දක්වා ඉහළ ගොස් ඇති බව එම දෙපාර්තමේන්තුව අනාවරණය කරයි.
ලබන වසරේ යුරෝපා සංගමය සමඟ නිදහස් වෙළඳ ගිවිසුමක් අවසන් කිරීමට තායිලන්තය බලාපොරොත්තු වන බවද වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart