February 2, 2024

හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායක සමගි ජන බලවේගයෙන් ඉවත් වූ බවට පළ වූ වාර්තාව අසත්‍ය බව එම පක්‍ෂයේ නිල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

දයා රත්නායක මව්බිම ජනතා පක්ෂයට එක්වූ බවට පළවන වාර්තාව අසත්‍ය බව සජබ ප්‍රචාරක කළමනාකරු ලෙස පත්කළ සුජීව සේනසිංහගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

“ව්‍යාපාරික දිලිත් ජයවීර සමඟ ගත් ඡායාරූපයක් සමාජ මාධ්‍යවල සංසරණය වූ පැරණි ඡායාරූපයක්,” යැයි එහි සඳහන් වේ.

මේ අතර, පක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ජෙනරාල් රත්නායක ජ්‍යෙෂ්ඨ උපදේශකයකු ලෙස පත්කිරීමත් සමඟ සජබ පක්ෂය තුළ ඇති වූ අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් කැඳවන ලෙස ඉල්ලා ඇති බවද වාර්තා වේ.