
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ, සිනමන් ලේක්සයිඩ් හෝටලයේ ‘ද ඩයිනින් රූම්’ අවන්හල සිය අනුග්‍රාහකයෙකුට මිනිස් පරිභෝජනයට නුසුදුසු සුප් ලබා දී ඇති බවට බොරැල්ලේ වෛද්‍ය පර්යේෂණායතනයේ (MRI) සිදුකළ පරීක්ෂණවලින් සනාථ වී ඇත.
කොළඹ මධ්‍යම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී පැතුම් පවසා ඇත්තේ, යුවළක් පසුගියදා සිය ආයතනයේ රාත්‍රී භෝජන සංග්‍රහයක් අතරතුර ලබා දුන් සුප් එකක ප්‍රමිතිය පිළිබඳව අතෘප්තිමත් බවට පැමිණිලි කළ බවයි.
“අනුග්‍රාහකයන්ගේ පැමිණිල්ලට අනුව, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු (PHIs) සුප් වල සාම්පල MRI පරීක්ෂණය සඳහා යොමු කළහර තිබෙනවා. පසුව, රාත්‍රී භෝජන සංග්‍රහයේදී සුප් සමඟ පිළිගන්වන ලද සුදු ගම්මිරිස්වල ගැටලුවක් ඇති බව අනාවරණය වී තිබෙනවා” යැයි වෛද්‍යවරයා සඳහන් කර තිබේ.
ඊට අමතරව සුප් පානය කළ කාන්තාව රාගම පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබාගෙන ඇති බවද වාර්තා විය.
සිද්ධියේ ප්‍රතිඵලය හෝටල් කළමනාකාරීත්වයට දන්වා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සොයාගැනීම්වලට ප්‍රතිචාර වශයෙන් බලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනුකිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart