
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ යෝජනාවලියේ රුපියල් කෝටි 20,000ක පමණ වියදම් අධිතක්සේරුවකින් ඉදිරිපත් කර ඇති බවත්, එම අධි වියදම් ඉවත් කරන්නේ නම් සියයට 25ත් 30ත් අතර ප්‍රතිශතයකින් විදුලි ගාස්තු පහළ දැමීමේ හැකියාව ඇති බවත් ලංවිම ගාස්තු යෝජනාව සම්බන්ධයෙන් කොමිෂන් සභාව නිකුත් කළ උපදේශන පත්‍රිකාවෙන් අනාවරණය වේ.
විදුලිබල මණ්ඩලය පසුගිය වසරේ ලැබූ රුපියල් කෝටි 4,800ක පමණ ලාභය මෙම මිල සංශෝධන යෝජනාවලියෙන් සම්පූර්ණයෙන්ම අතහැර ඇති බව කියන එම උපදේශන පත්‍රිකාව සම්ප්‍රේෂණ වියදම් ලෙස රුපියල් කෝටි 9.500ක සහ අතිරේක වියදම් කෝටි 20,000ක් සහ හදිසි මිලදී ගැනීම්වලටද විශාල වියදමක් එකතු කර ඇති බවද සඳහන් කරයි.
ලංකා විදුලි පෞද්ගලික සමාගම හෙවත් ලෙකෝ සමාගමේ වියදම් පිළිබඳව ගැටලුවක් ඇති බවත් විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති වියදම් තවදුරටත් සමාලෝචනය කළ යුතු බවත් එම කොමිසම කියයි.
විදුලිබල මණ්ඩලය සියයට 3.34ක විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පසුගිය 13 වැනිද පස්වරුවේ භාර දුන් අතර, ඒ සම්බන්ධයෙන් මේ වනවිට මහජන අදහස් ගනිමින් සිටින බවත්, ගාස්තු සංශෝධනය ලබන මස මැද වනවිට ක්‍රියාත්මක කළ හැකි බවත් එම කොමිසම වැඩිදුරටත් පැවසීය.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart