
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මාතර – කොළඹ මාර්ගයේ මිදිගම ගුරුබැබිල ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ යතුරුපැදියක් බස් රථයක් සහ ලොරි රථයක ගැටීමෙන් විදේශිකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
මාතර සිට කොළඹ දෙසට ධාවනය වූ යතුරුපැදිය බස් රථයකට ඉස්සර කිරීමට යෑමේදී පෙරළී ගොස් ප්‍රතිවිරුද්ධ දෙසින් ධාවනය වූ තවත් ලොරි රථයක ගැටී තිබේ.
යතුරුපැදිය ධාවනය කළ පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර පසුපැදිකරු වලාන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මියගිය විදේශිකයන්ගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණය වී නොමැත.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ සහ ලොරි රථයේ රියදුරන් අත්අඩංගුවට ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart