
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීන දේපළ වෙළඳාම විශාල අර්බුදයකට ලක්කරමින්, යූරෝ බිලියන 270 කට අධික ණය බරකින් යුත් චීන දේපළ සංවර්ධන හා වෙළඳාමේ දැවැන්තයෙකු වන එවර්ග්‍රෑන්ඩ් සමාගම ඈවර කිරීමට හොංකොං අධිකරණයක් නියෝග කර තිබේ.
මෙම සමාගම සිය ණය ප්‍රතිව්‍යුහගතකරණයට නැවත නැවතත් අපොහොසත් වීම මත එය ඈවර නියෝගය ලබාදෙන බව විනිසුරු ලින්ඩා චෑන් අදාළ නියෝගය ලබාදෙමින් සඳහන් කර ඇත.
මෙම නියෝගයත් සමග, එවර්ග්රෑන්ඞ් සමාගමේ වත්කම් රජයට පවරාගෙන, එහි කොටස් විකුණා ණය මුදල් පියවා ගැනීමට මෙම ඈවර කිරීමේ අවස්ථාව ලැබී තිබේ.
මීට වසර දෙකකට පෙර සිට ගෝලීය මූල්‍ය වෙළඳපොළ තුළ එවර්ග්‍රෑන්ඩ් සමාගම ණය ගෙවීම් පැහැර හැරීම පිළිබඳව සංඥා නිකුත් කළේය.
මේ වන විට හොංකොං හි එවර්ග්‍රෑන්ඩ් සමාගමේ කොටස් සියයට විස්සකට වඩා පහත වැටී ඇති අතර, කොටස් වෙළඳපොළේ කොටස් අලෙවියද මේ වනවිට අත්හිටුවා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart