
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සමගි ජන බලවේගයේ (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ආණ්ඩුවට පක්ෂපාතී ස්ථාවරයක් ගෙන ඇති බව පෙන්වන තවත් අවස්ථාවක් පසුගිය සති අන්තයේ දැකගත හැකි විය.
ඔහු ප්‍රකාශ කර තිබුණේ, අන්තර්ජාතික මූල්‍ය අරමුදල(IMF) විසින් ශ්‍රී ලංකාව බංකොලොත් භාවයෙන් මිදී ඇති රාජ්‍යයක් ලෙස ලබන මාසයේදී ප්‍රකාශයට පත්කරනු ඇති බවයි.
සති අන්තයේ පැවති ජනහමුවක් අමතමින් සේනාරත්න මන්ත්‍රීවරයා කියාසිටියේ ශ්‍රී ලංකාව කෙටිම කාලයක් තුළ බංකොලොත් භාවයෙන් ගොඩ ආ රටක් බවට පත්වීමට නියමිත බවයි.
“ග්‍රීසියේ ජනතාව බංකොලොත් භාවයට පත්වීමෙන් පසු ආණ්ඩු හතරක් පෙරළා දැමුවා. බංකොලොත් භාවයෙන් ගොඩඒමට වසර දහයක් ගතවුණා. ආර්ජන්ටිනාව සහ ලෙබනනයද එසේමයි. කොහොම උණත්, කෙටිම කාලසීමාවක් තුළ බංකොලොත් භාවයෙන් ගොඩ එන රට බවට අපේ රට පත් වීමට නියමිතයි. IMF ලබන මාසයේදී ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් වූ ආර්ථිකයක් සහිත රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ඉඩ තිබෙනවා” යැයි මන්ත්‍රීවරයා පැවසීය.
කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී සේනාරත්න පසුගිය සතියේ ඔන්ලයින් ආරක්ෂණ පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart