
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලොව පුරා සිටින හර්මිට් කකුළුවන් (Hermit crabs) සිය ආරක්ෂිත කටුව සකසා ගැනීමට ප්ලාස්ටික් අපද්‍රව්‍ය වෙත වැඩි වැඩියෙන් යොමුවෙමින් පවතින බව විද්‍යාඥයන් සොයාගෙන තිබේ.
මෙම කකුළු විශේෂවලින් තුනෙන් දෙකක් පමණ මිනිසුන් විසින් ඉවතලන කුණු මඟින් කෘතීම සිය කවච නිර්මාණය කරන බව නිරීක්ෂණය වී ඇත.
එහෙත්, මෙම කෘතිම ද්‍රව්‍ය භාවිතය හානිකරද, නැතහොත් ප්‍රයෝජනවත්ද යන්න තවමත් පැහැදිලි නොමැති බව විද්‍යාඥයෝ පවසති.
මෙම කෘත්‍රිම කවච භාවිතය “ගෝලීය සංසිද්ධියක්” බවට පත්ව ඇති බව පාරිසරික අධ්‍යයනයෙන් හෙළි වී ඇති බවටද වාර්තා වේ.
වෝර්සෝ විශ්ව විද්‍යාලයේ නාගරික පරිසර විද්‍යාඥවරියක වන මාර්ටා සුල්කින් පවසා ඇත්තේ, ලෝකයේ ගොඩබිම් කකුළුවන් විශේෂ 16න් 10ක් මෙම ආකාරයේ කෘත්‍රිම කවච භාවිතයට යොමුව ඇති බවයි.
ප්ලාස්ටික් දූෂණයේ පරිමාණය ගණනය කිරිමට මෑතකදී සිදු කළ අධ්‍යයනයකින් ඇස්තමේන්තු කර ඇත්තේ, අවම වශයෙන් ප්ලාස්ටික් කැබලි ට්‍රිලියන 171ක් පමණ සාගරවල පාවෙමින් පවතින බවයි.
මේ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගතහොත් 2040 වනවිට එය තුන් ගුණයකින් වැඩි විය හැකි බවට විශේෂඥයන් අනතුරු අඟවා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart