
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දේශීයව නිෂ්පාදනය කරන බිත්තරයක මිල රුපියල් 3කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය තීරණය කර තිබේ.
ඒ එකතු කළ බදු (VAT) අනුපාතය ජනවාරි 1 සිට 15% සිට 18% දක්වා වැඩි කිරීම සැළකිල්ලට ගනිමිනි.
වැට් බද්ද ඉහළ දැමීමත් සමඟ ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තරයක මිල ද රු. 8කින් ඉහළ දැමීමට පියවර ගෙන තිබිණි.
ඒ අනුව කුකුළු ගොවිපළෙන් සෘජුවම මිලට ගන්නා බිත්තරයක තොග මිල රු. 48ක් වනු ඇත.
කෙසේවෙතත්, ජනවාරි 21 වැනි දින පැවති රැස්වීමෙන් පසු මිල වැඩි කිරීම එදින සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
එම සංගමය පවසන පරිදි බිත්තරයක සිල්ලර මිල රු. 54.55කි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart