January 25, 2024

කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ අද(25) අලුයම 02.00ට පමණ සිදු වූ රිය අනතුරකින් ජලසම්පාදන රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත සහ ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරයකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ කන්ටේනර් රථයේ රියදුරුව පොලිස් භාරයට ගෙන ඇත.

මෙම අනතුර සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සදහා ඔහු මෙලෙස පොලිස් භාරයට ගත් බව අධිවේගී මාර්ග පොලිස් ඒකකය පැවසීය.

රාජ්‍ය ඇමැතිවරයා ගමන්ගත් රථය කටුනායක සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබිය දී කන්ටේනර ප්‍රවාහන රථයකට ඉස්සර කිරීමට යෑමේ දී එම රථයේ ගැටී අධිවේගී මාර්ගයේ ආරක්ෂක වැටේ ද ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.

අනතුරින් බරපතල තුවාල ලබා සිටි රාජ්‍ය ඇමැතිවරයා ඇතුළු තිදෙනකු රාගම රෝහලට රැගෙන ගිය ද රෝහලට රැගෙන යනවිටත් ඇමැතිවරයා සහ ආරක්ෂකයා මියගොස් සිටි බව වෛද්‍යවරු කියති.